
මේ වෙනකොට ලංකාවේ හැම TV චැනල් එකකම වගේ super star තරඟ තියෙනවා. ඒ කිව්වේ අලුත් ස්ටාර්ස්ලා හොයන තරඟ. එක එක චැනල්වල තරඟ වලට වෙන වෙනම නම් තියෙනකොට දෙරණ නාලිකාවේ තරගය හදුන්වලා දීලා තිබුනේ Derana dream star කියලා. මුල්ම Dream Star තේරුණේ වාද්දුවෙන්. ඒ තමයි උදේශ් ඉන්දුල. ඒ වෙනකොට උදේශ්ට ඒ හැටි මහා වයසක් නෑ. පොඩි කොල්ලෙක්. වයස තියෙන නිසාම උදේශ් ෂේප් එකේ ලස්සනට තමන්ගෙ ගේම්එක ගහගත්තා. අන්න ඒක නිසා උදේශ් මේ වෙනකොට ලංකාවෙ ඉන්න ජනප්‍රියම ගායකයෙක් වෙලා ඉවරයි. ඔන්න ඔහොම ගිහිල්ලා මේ ඊයේ පෙරේදා දවසක තමන්ගේ ජීවිතේ වැදගත්ම තැනකට අඩිය තියන්නත් උදේශ්ට පුළුවන් වුණා. ඒ කියන්නේ, ඊයේ පෙරේදා දවසක තමයි උදේශ්ගේ වෙඩින් එක තිබ්බෙ. මෙයා මැරි කරලා තිබ්බෙත් city of dance තරඟයේ හිටපු තරගකාරියක්. කොහොමහරි ඉතින් මෙන්න මේ තරඟ සම්බන්ධතාවය හින්දම තමයි දෙන්නගෙ සම්බන්ධතාවයත් පටන් අරන් තියෙන්නේ. හැබැයි පටන් ගත්ත දවසේ ඉඳලා දෙන්නම යාළුවොලු. පස්සේ තමයි ඉතින් මේ කතන්දරේ ආදරේ පැත්තට turn වෙලා තියෙන්නේ. ඒ වගේ දේවල් නං ඉතින් හැමතැනම සිද්ධ වෙනදේවල්නෙ.
ඉතින් මේ කියන්න හදන්නේ මේ දෙන්නගෙ වෙඩින් එකේ ලකලෑස්තිය ගැන පොඩි විස්තරයක්. උදේෂ්ගේ නම් දැන්ම කසාද බඳින්න තීරණයක් තිබ්බෙ නෑලු. ඒත් ඉතින් එයාගේ girlfriend තමයිලු කිව්වේ ඉක්මනින් කසාද බඳිමු කියලා. අවුරුදු හතක වගේ කාලයක්ම මේ දෙන්නා යාළුවෝ වගේ හිටියාලු. ඔය අතරවාරේ අවුරුදු දෙක තුනක් එහෙ මෙහෙ මිස්වෙලාත් තිබ්බලු. ඒත් ඉතින් මේ දෙන්නා මැරි කරන්න ඕන කියලා අදහසක් කියලා දෙයක් හිතට ආවේ දැනට මාස හය හතකට ඉස්සෙල්ලා වගේ කියලා තමයි උදේශ් කියන්නේ. උදේශ් කියන විදියට අනිත් පැත්තෙන් ඉක්මනින් බඳිමු කියන ප්‍රශ්නය එනකොට දෙන්න තිබ්බෙ හා කියන උත්තරේ විතරයිලු. කොහොම හරි ඒ උත්තරේත් දුන්නා කියමුකො. ඊට පස්සේ තමයි රේස් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ වෙඩින් එකේ හැමදෙයක්ම ප්ලෑන් කරලා තියෙන්නේ දවස් 25ක් වගේ කාලයක් ඇතුළතදී. හිතන්න පුළුවන්ද කියන්නකො එහෙමත් ගේමක් කොහොමද දෙන්නෙ කියලා. ඒත් ඉතින් සැලුනේ නෑ ලෙසටම ඒ ගේම් එක දීලා තියෙනවා. මුලිනුත් කිව්වනේ උදේශ් තමන්ගේ ජොබ් එක පැත්තෙනුත් ෂේප් එකේ ගේම් එක ගැහුවා කියලා. ඒ හින්දම තමයි උදේශ්ට ප්‍රසිද්ධිය වගේම ජනප්‍රියත්වයක් ලැබුණේ. අන්න ඒක නිසාම මැරි කරලාවත් පැයගානක් නිදහසේ ඉන්න හම්බ උනේ නෑ. වයිෆ්ව හොටෙල් එකේ තියලා පහුවදාම එයාට අදාල වැඩේට යන්නත් සිද්ධ උනාලු.