Daily News
Trending

දරු තිදෙනා අතිනත ගත් දා ජැක්සන් කුමාරි සංවේදී වූ හැටි.

Anthony Wedding




Anthony Wedding Exclusive from Starfriends.lk

දරුවන් ආවාහ විවාහ කරදෙනවා යනු දෙමාපියන් ලොකු වගකීමකින් නිදහස් වුණා වගේ හැඟීමක්. ඒත් දරු දුක කියන්නේ ආත්ම ගාණකට එහා සිට ඇතිවන අසීමිත බැඳීමක්. පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී කරන අසීමිත කැප කිරීම දෙමාපියන්ගේ ආදරයට සම වෙනවා. ඒ බැඳීම විස්තර කරන්න අපහසුයි.

අපේ රටේ සිටින ප්‍රවීණ රංඟධරයාගේ දූ පුතුන් අතිනත ගත් විවාහ මංගල්‍යය එකම දිනකට යෙදී තිබුණා. ඒ උත්සවයේ බොහෝ රසවත් සංවේදී සිදුවීම් මේ වන විටත් ඔයාලා දන්නවා. ඇන්තනී පවුල කතෝලික බැතිමතුන් වූ නිසා මේ විවාහ මංගල්‍යයට පල්ලියේ චාරිත්‍රත් ඇතුලත් වුණා. මේ නිසා මෙය අතිශය උත්සවශ්‍රීයෙන් යුතු වැඩසටහන් ගණනාවකින් පොහොසත් වූ විහාහ මංගල්‍යයක් බව කියන්න ඔිනේ.

ජැක්සන් ඇන්තනී මහත්මයා සහ කුමාරි මුණසිංහ මහත්මිය විවාහ උත්සවය අවස්ථාවේ සිය හදවතින්ම උපන් දරු සෙනෙහස ගීතයකට මුසු කර තිබුණා. සම් මස් ඇට ලේ නහර විනිවිද උපන් දරු සෙනෙහස ගැන කියවුණ මෙම ගීතය උත්සව අවස්ථාවට පැමිණ සිටි සියල්ලන්වම සංවේදී කරවන්නට සමත් වුණා. එම අවස්ථාවට සහභාගී වී සිටි හිටපු ජනාධිපතිතුමන් මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් තුමා ද මෙම පදවැල් හමුවේ සංවේදී වන අයුරු අපට දැකගන්න ලැබුණා.

අප්පච්චිත් අම්මාත් තමන් ඇතුළු මල්ලිලා දෙන්නා ලොකු මහත් කළ ආකාරය සිහිපත් වී මාධවී වත්සලා මෙම මොහොතේ කඳුළු සලන ආකාරය හැමදෙනාගේම ඇස් කඳුළින් තෙත් කරවන දසුනක් බවට පත්වුණා. විවාහ මංගල්‍යය අවසන් කරමින් උත්සව සභාව අමතා ජැක්සන් ඇන්තනී මහතා සුවිශේෂී කතාවක් කළා. ඔහු පවසා සිටියේ ඥාති පුරුක් තුනක සම්බන්ධයත් සමඟ ඔහුගේ ආඩම්බරය ඉහවහා ගිය බව. තාත්තා කෙනෙකුට එවන් සතුටක් ඇතිවීම අරුමක් නෙමෙයි. අලුතින් යුග දිවියට පිවිසු මාධවී, සජිත්, අඛිල යන ඇන්තනී පැටවුන්ට අපගේ උණුසුම් සුබපැතුම් නැවතත් එකතු කරනවා.

Anthony Wedding Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close