
ලංකාවේ ප්රසංග වේදිකාවට දමිත් අසංක කියන නාමය නැතිවම බැරි තරම්. ඉතාම කෙටි කාලයක් තුළ අතිෂය ජනප්රිය වූ දමිත් වර්තමාන ගීත කැසට්පට ක්ෂේත්රයේ වැඩිම අලෙවියක් තැබූ කැසට් පටයේ හිමිකරුවා බවට පත් වෙනවා. මීට පෙර ඔහු අභිභවා යාමට සමත් වූයේ එච් ආර් ජෝතිපාල මහත්මයා පමණයි.
මේ තරම් ජන ප්රසාදයක් දිනා සිටි දමිත් අසංක මාස කිහිපයක සිට කරලියෙන් ඈත් වෙනවා. ඊටත් පසුව ඔහු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් මැවෙනවා. ඊළඟට දමිත් අත්අඩංගුවටත් පත් වෙනවා. නැවත ඔහු නිදහස් වෙද්දී රසික රසිකාවියන් විශාල පිරිසක් අධිකරණ භූමියටත් පැමිණෙනවා.
මේ හැමදේම හොඳම විදියට විසඳුනාට පස්සේ සතුටේදී මෙන්ම දුකේදීත් තමාව හැර නොගිය රසික රසිකාවියන් අමතා දමිත් ලිපියක් ලියනවා.
ඔහු පහුගිය සිදුවීම් සියල්ලටම සමාව ඉල්ලන ගමන් ඉක්මනින්ම පුරුදු ගායකයා ලෙසින් සංදර්ශන වේදිකාවට පැමිණෙන බව එම ලියුමේ සටහන් කරනවා. තමන්ට වගේම තමන්ගේ දරුවන්ටත් මේ ආදරය මේ විදියටම හැමදාටම ලැබේවී කියලත් ඔහු ප්රාර්ථනා කරනවා. ඒ වගේම ඔහු ලංකා වාසී සියලුම මිනිසුන්ට ඔහුගේ කෘතවේදීත්වය සමඟ පින් අනුමෝදනා කරනවා.