Daily News
Trending

දඩ කොලයක් කියලා නෙතූට ලැබිලා තියෙන්නේ ආදර හසුනක්.

Nethu Priyangika




Nethu Priyangika Exclusive from Starfriends.lk

නෙතූ (Nethu Priyangika) මේ දිනවල ඉතාම කාර්යබහුලයි. ඒ ඇයගේ විවාහය මේ මාසයේ දී සිදු වීමට නියමිත නිසා. ගමේ හැදුණ කෙල්ලක් නිසා නෙතූ ඇයගේ විවාහ උත්සවය ගන්නේ වැඩි විච්චූරණ නැතිව ගමේ විධියට. ගමේ සිරිත් විරිත් කඩන්නේ නැතිව සම්ප්‍රදායික විවාහ මංඟල්‍යයකට තමයි නෙතූ සූදානම් වන්නේ.

නෙතූගේ අත ගන්න සූදානමින් ඉන්නේ නුවන් ජීවන්ත. ඔහු පොලිස් නිලධාරියෙක්. රංඟන ශිල්පිනියක් වූ නෙතූට විවාහය සඳහා පොලිස් නිලධාරියකු මුණගැසීමත් අහම්බයක්. ඒ අහම්බය විවාහය දක්වාම දුරදිග යනවා. නෙතූගේ විවාහයට කලින් ඒ ප්‍රේම සම්බන්ධය ඇතිවුණ හැටි ඔයාලාට කියන්න අපි අදහස් කළා. ඔන්න දවසක් නෙතූ ඇයගේ යහළුවකුත් සමඟ නුවර ඉස්පිරිතාලෙට යනවා. වාහනේ පාර්ක් කරලා පයින්ම පාර පනින්න හදනකොට කහ ඉර ළඟ හිටපු පොලිස් නිලධාරියා හිනාවෙලා නෙතූට මොනවා හරි කියනවා. කිව්වේ මොකක්ද කියලා නෙතූට ඇහුණේ නැහැ. එදා නෙතූ අර යාළුවාගේ ගෙදරම නතර වෙනවා. යාළුවාගේ ගෙවල් තිබුණේ නුවර පාර අයිනේම නිසා වාහනේ පාක් කරන්න තැනක් තිබිලා නැහැ. ඉතින් නෙතූ පාර අයිනේ තැනක වාහනේ පාක් කරලා යාළුවත් එක්ක හොඳට නිදාගන්නවා. පහුවදා උදේ යාළුවාගේ තාත්තා කියනවා පොලිසියෙන් කෙනෙක් ඇවිත් නෙතූගේ වාහනය ලියනවා කියලා. ගිහිල්ලා බලද්දී ඒ පොලිස් නිලධාරියා නෙතූගේ වාහනයේ විස්තර ලියාගන්නවාලු. නෙතූ කරකියාගන්න දෙයක් නැතිව, අනේ සර් සහනයක් දෙන්න කියලා අර පොලිස් නිලධාරියාට කියලා තියෙනවා. පොලිස් නිලධාරියා ලියන කාර්යය නතර කරලා ඔළුව ඉස්සුවාම තමයි නෙතූට මතක් වෙන්නේ ඒ ඉන්නේ කලින් දවසේ හිනාවෙලා විහිළුවක් කරපු පොලිස් නිලධාරියාමයි කියලා. ඒ වෙලාවේ නෙතූට කතා කරගන්නත් බැරිව ගියාලු. කොහොම වුණත් නෙතූ මේ විධියට ඒ පොලිස් නිලධාරියාව අඳුරගත්තාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙද්දිත් දඩ කොලේ ලියලා ඉවරයි.

නෙතූ දන්නේ නැති වුණාට එදා අර පොලිස් නිලධාරියා නෙතූව ජීවිත කාලයටම සිර කරගන්නා දඩයක් තමයි ගහන්නේ. දන්නේම නැතිව මේ හැඳුනුම්කම ආදරයකට පරිවර්තනය වෙනවා. නුවර පොලිසියට දඩ කොලේ ගෙවපු නෙතූ එළි රෑ වෙනකල් කල්පනා කරලා තිබුණේ අර පොලිස් නිලධාරියා ගැන. ඊට පස්සේ දවසක නෙතූගේ ෆේස්බුක් එකට පොලිස් නිල ඇඳුමකින් ඉන්න කෙනෙක්ගෙන් හායි කියලා මැසේජ් එකක් එනවා. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කිව්වාලු. එතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නැහැනේ. මේ විධියට නෙතූගේ දැනහැඳුනුම්කම ආදර සම්බන්ධයකට පෙරලෙනවා. ඒකයි මුලදිම අපි කිව්වේ නෙතූට දඩ කොලයක් කියලා ආදර හසුනක් ලැබී ඇති බව.

මෙහෙම ලියලාපු ආදර කතාව මේ මාසයේදී විවාහයෙන් සම්පූර්ණ වෙනවා. ඒ විස්තර අපි පසුවට කියන්නම්.

Nethu Priyangika Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close