Daily News
Trending

තෝඩු එකේ අමාටත් Tattoo ගහන හීනයක්.

Oushani Rathnayake




Oushani Rathnayake Exclusive from Starfriends.lk

තෝඩු ඩ්‍රාමා එක බලන ඕන කෙනෙක් දන්නවා ඇති ඉතින් ඖෂානි කියන්නේ කව්ද කියලා. මොකද මේ වෙනකොට ඒ ඩ්‍රාමා එකේ ඉන්න ජනප්‍රියම චරිතයක් තමයි මෙයා. මෙයාගේ නම අමා, හැබැයි ඩ්‍රාමා එකේ. මේ දවස්වල අමා කියන්නේ ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය තරමට ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ඖෂානි නම් කියන්නේ.

කොහොමහරි තමන් කැමති නළුවගේ නිළියගෙ පෞද්ගලික විස්තර ,ගොසිප් කෑලි , අඳින්නෙ මොනවද, කන්න බොන්න ආස මොනවද, වගේ දේවල් දැන ගන්න එක රසිකයන්ගෙ තියෙන එක විදියක ආසාවක්. ඔන්න ඉතින් ඖෂානිත් එයාගෙ fansලට තමන් කැමති ගොඩක් දේවල් ගැන එක එක විදියෙ කතා කියලා තිබ්බා. මේ අතරෙ ඉතින් වැඩියෙන්ම කියලා තිබ්බෙ fashion ගැන. ඒ කියන්නෙ ඉතින් මෙයා වැඩියෙන්ම කැමැත්තක් දක්වනවා ඇත්තෙත් fashion කරන්නම තමයි. වැඩියෙන් fashion ගැන කතා කරපු මෙයානම් කියලා තියෙන්නේ fashion කියන්නේ කලාවක් කියලා. ඒත් ඉතින් එයා නම් අනිත් අය යන විදියට සැලුන් යන්නේ නෑලු. ඒවා හැමදෙයක්ම වගේ ඖෂානි කරගන්නේ ගෙදරින්මලු.

කොහොමද වැඩේ නේද? ඔන්න ඉතින් මේව කියාගෙන කියාගෙන යනකොට ඖෂානිගේ හිතේ තිබුණු එක බලාපොරොත්තුවක් එලියට පැන්නා. බලාපොරොත්තු කියලා කිවවට මේවට කියන්නේත් ඉතින් dreams කියලාම තමයි. එයාත් ඔන්න දැන් tattoo එකක් ගහන්න සෙට් වෙලාලු ඉන්නේ. Tattoo ගහනවයි කියන එකත් ඉතින් හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයිලු. කොහොම හරි ඖෂානි tattoo එකක්නම් ගහනවම කියලා තමයි ඉන්නෙ.

Oushani Rathnayake Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close