
තුමිඳු දොඩන්තැන්නට පහුගිය කාලේ මල් මල් ප්‍රතිචාරනේ ලැබුණේ. කූඹියෝ නාට්‍යය නිසා තුමිඳුව අති විශාල රසික පිරිසක් වැළඳගත්තා. සමාජ ජාල මාධ්‍යයේ තුමිඳු වෙනුවෙන් විශාල පිරිසක් නිර්මාණය වෙලා හිටියා. කොටින්ම කූඹි ගුල කියන ෆේස්බුක් ගෲප් එක ඇතුලේ තුමිඳුට තිබුණේ මරණීය ආදරයක්.
හිටි හැටියේ මේ ආදරයට මොකද වුණේ. අසාමාන්‍ය ජනතා ආකර්ශණයට පාත්‍ර වුණාම පෙරලා ඒ අය අතින් ලැබෙන ප්‍රතිචාරත් හරිම වේගවත්. තුමිඳු බුදුදහම හා සම්බන්ධ කිසියම් ප්‍රකාශ වගයක් කරපු නිසා තමයි මේ සමාජ විරෝධය මතු වෙන්නේ. නිර්මාණ වාරණය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් කතා කරපු තුමිඳුගෙ ප්‍රකාශයක් නිසා තුමිඳුට ආදරය කරපු විශාල පිරිසකගේ සිත් රිදී තිබුණා. ඒ අය දැන් දිගට හරහට තුමිඳුට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නත් පටන් අරගෙන. තුමිඳුට මල් මාල දාලා පිළිගත්ත අයම දැන් ගල් මුල් අතට අරගෙන.
ඉතිං මේ සිදුවීම් එක්කම මෙවර සුමති සම්මාන උළලේ ජනප්‍රියම නළුවා සටනෙත් තුමිඳුගෙ යම් පසුබෑමක් පේන්න තියෙනවා. රයිගම් සම්මාන උළලෙදි ජනප්‍රියම නළුවා සම්මානයට හිමිකම් කිව්වෙත් තුමිඳු.