Daily News
Trending

තුමිඳුගේ ඉතිහාසය මිශ්‍ර වෙච්ච එකක්ලු…




ලෝකයේ කොහේවත් එක ජන වර්ගයකට විතරක් අයිතියි කියලා පිළිගත්ත රටවල් තියෙනවා කියලා තුමිඳු විශ්වාස කරන්නෙ නැහැ. මේ වාර්ගික බෙදීම ගැන කතා කරනකොට තුමිඳුට එයාගේ ඉතිහාසය මතක් වෙනවලුනේ. තුමිඳු ඉපදිලා තියෙන්නෙ අනුරාධපුරයෙ ඉතාම මිශ්‍ර සංස්කෘතියක් තිබුණ පරිසරයක. තුමිඳුලගේ ගෙදර ඉස්සරහම ගෙදර ඉඳලා තියෙන්නෙ මුස්ලිම් පවුලක්. අනික් පැත්තෙ ගෙවල් දෙකේ දෙමළ සහ බර්ගර් පවුල් දෙකක් ඉඳලා. කිට්ටුවම තිබුණ අනෙක් ගෙදර සිංහල බෞද්ධ ගෙයක්. ඉතිං තුමිඳු පුංචි කාලේ ඉඳලා හැදිලා වැඩිලා තියෙන්නෙ මෙන්න මේ මිශ්‍ර සංස්කෘතිය ඇතුලෙ. මිශ්‍ර සංස්කෘතියක් ඇතුලෙ ජීවත් වීම හරිම මනරම් අත්දැකීමක් කියලා තමයි තුමිඳු කියන්නෙ. එහෙම මිශ්‍ර සංස්කෘතියක් ඇතුලෙ වාර්ගිකත්ව ඇතිවෙන්න බැහැලු. හැමෝම මිනිස්සු සහයෝගයෙන් ජීවත් වෙන හැටිලු මිශ්‍ර සංස්කෘතියක් ඇතුලෙ උගන්වන්නෙ. ඉතිං තුමිඳු කුඩා කාලයේ සෙල්ලම් කරලා තියෙන්නෙ මේ විවිධ ජාතීන්වල ළමයි එක්ක. එයාට ඒ අත්දැකීම ජීවිතේට ලැබුණ වටින අවස්ථාවක්. තුමිඳු තමන්ගේ මිශ්‍ර ඉතිහාසය පිළිබඳව කරුණු දක්වලා තිබුණේ ඒ විදියට.

Tags
Show More
Close