Daily News
Trending

“තීක්ෂණයි මමයි මහන්සි වුණා. ඒත් හිතපු දේ ලැබුණෙ නෑ” – රොමේෂ් සුගතපාල 




ස්ටාර්සිටි අවසන් මහා තරඟයේදි තීක්ෂණටයි රොමේෂ්ටයි හිමිවන්නේ තුන්වන ස්ථානය. අවසන් මහා තරඟයට මේ දෙන්නා ඉදිරිපත් කළේ අතිෂය සංවේදී නිර්මාණයක්. කොහොම වුණත් මේ තරඟයේ කුසලානය දිනාගන්නෙ අක්කයි නංගියි හෙවත් ශනුද්රියි ඩිනක්ෂියි. මේ ගැන රොමේෂ් සුගතපාලට නම් තියෙන්නෙ තරමක වේදනාවක්. මොකද අවසන් මහා තරඟයේ ප්‍රතිපලය මීට වඩා හොඳ විදියට විසඳෙයි කියලා රොමේෂ් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ බලාපොරොත්තු වුණ ප්‍රතිපලය නම් ලැබුණෙ නැහැ. කොහොම වුණත් ලැබුණ ප්‍රතිපයල භාරගන්න වෙනවා කියලත් රොමේෂ් කියනවා. රොමේෂ් කියන්නෙ මෙහෙම කතාවක්. තීක්ෂණ වගේම රොමේෂ් කියන්නෙත් ජනතාවගෙන් බිහිවුණ ගායකයන් නිසා sms මනාප ගන්න ඒ තරම් මහන්සි වෙන්න ඕනෙ කියලා හිතුවෙ නැහැලු. මොකද කොහොමටත් එයාලට ලොකු රසික පිරිසක් සිටින නිසා. මේ තරගයේ සිටි අනෙක් අයගේ දක්ෂතා ගැනත් රොමේෂ් අගය කිරීමක් කරනවා. විවිධ දක්ෂතා පාදක කරගෙන තිබුණ තරගයක් නිසා කිසිම කෙනෙක් ගැන ඕනවට වඩා කියන්න බැහැ. කොහොම වුණත් ඉතිං රොමේෂ් වගේම තීක්ෂණත් අද දවසේ හුඟක්ම ජනප්‍රියයි.

Tags
Show More
Close