Daily News
Trending

තිසුරි උපේක්ෂාට වෛර කරන්නේ ඇයි?

Thisuri & Upeksha




Thisuri & UpekshaStarfriends.lk

තිසුරි යුවනිකා ජනප්‍රිය නිර්මාණ එක්ක වගේම කලාත්මක නිර්මාණ එක්කත් අපට මුණගැසෙන දක්ෂ නිළියක්. ඇය මේ දිනවල සිරස රූපවාහිනියේ විකාශය වන ‘ඔබ නිසා’ ටෙලිනාට්‍යයෙන් අපට මුණගැසෙනවා.

ඔබ නිසා කියන්නේ මෑත කාලයේ දකින්න ලැබුණ හරිම වෙනස් ටෙලිනාට්‍ය අත්දැකීමක්. මේ කතා තේමාව ‘තුජ්සේ හේ රබ්තා’ කියන ජනප්‍රිය හින්දි මාලා නාටකයෙන් ගත්ත එකක්. ලංකාවට එද්දී ඒ නිර්මාණයට හානියක් නොවන ආකාරයට යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා.

ඔබ නිසා ටෙලි නිර්මාණයට අනුව තිසුරිගේ ඉතාම සුන්දර අම්මාට රඟපාන්නේ අංජුලා රාජපක්ෂ. ඒ වගේම තිසුරිගේ තාත්ත ධර්මප්‍රිය ඩයස්. තිසුරිට යාන්තම් 18 සම්පූර්ණ වුණා විතරයි එයාගේ ලස්සනම ලස්සන අම්මා සුයිසයිඩ් කරගන්නවා. ඒ මරණයට තිසුරි හෙවත් දිව්‍යාගේ තාත්තා ප්‍රමෝද් සිරගෙට යනවා. දිව්‍යා ඒ කිව්වේ තිසුරි හිතන්නේ එයාගේ අම්මාගේ මරණයට වගකියන්න ඕනේ ප්‍රභාෂිණී කියලා. ප්‍රභාෂිනීට හිටියේ උපේක්ෂා ස්වර්ණමාලි. උපේක්ෂා ප්‍රමෝද් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා දිව්‍යා හිතනවා. එතැන් සිට දිව්‍යා ප්‍රභාෂිනීට වෛර කරනවා. පළිගන්න ට්‍රයි කරනවා. ඒත් ප්‍රභාෂිණී දිව්‍යාට අම්මා කෙනෙක්ගේ සෙනෙහස ලබා දෙන්න උත්සාහ කරනවා.

මේ අපූරු ආදර ගෙත්තම ගෙත්තම් කරන්නේ රවින්ද්‍ර විජේරත්න කියන අධ්‍යක්ෂවරයා. මෙහි සංගීතය කපිල පූගල ආරච්චිගේ.

‘ඔබ නිසා’ හි ප්‍රධාන චරිතවලට අමතරව ඉසුරු ලොකු හෙට්ටි, ක්ලීටස් මෙන්ඩිස්, පියුමි බොතේජු, ජයනි සේනානයක, අති දක්ෂයින් පිරිසක් ඉන්නවා. කතාව ගෙතෙන්නේ දිව්‍යා වටා. මේ නිසා තිසුරිගේ අපූරු රංඟනයට මෙහි වැඩි ඉඩක් වෙන් වෙනවා. සෑම සතියේ දිනකම රාත්‍රී 7.30ට සිරස රූපවාහිනී තිරය ඉදිරිපිටට ආවොත් ඔයාලට දිව්‍යාගේ ප්‍රශ්නයේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්.

Thisuri & UpekshaStarfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close