
සුසන්තා චන්ද්‍රමාලි කිව්වම ගොඩක් දෙනෙක් අහන්නේ එයාගේ දුව කොහොමද කියලා. දුව හම්බ වුනාම ඒගොල්ලො දුවගෙන් අහන්නේ අම්මට කොහොමද කිfයලා. අන්න එහෙමයි ඒ අම්මගෙයි දුවගෙයි සම්බන්ධතාවය තියෙන්නේ. තිසුරි යුවනිකා. ඔව්…දැන් ඉස්සර වගේ අම්මගේ නමින් දුව අඳුන්නලා දෙන්න ඕනනෑ. ගොඩක් දෙනෙක් අම්මට නම් කියන්නේ, තිසුරිගේ අම්මා කියලා තමයි. කොහොම හරි අම්මගෙන් ආපු දක්ෂතාව හින්දම තිසුරි දැන් අංක එකේ ඉන්න ජනප්‍රිය නිළියක් වෙලා තියෙනවා. තෝරා බේරා ගැනීමි එක්කම චරිත කරන්න උනන්දුවක් දක්වන නිසා මෙයාව ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ හරිම නිහඬව පැත්තකට වෙලා ඉන්න චරිතයක් විදිහට. ඔයාලට මතක ඇති 2015 දී මෙයාට සම්මානයක් හම්බ වුණා හොඳම නිළිය විදියට. ඒ බොරලු පාර ටෙලියෙ කරපු සමාධිගේ character එකට. හැබැයි ඉතින් එතකොට ගොඩක් දෙනෙක්ට ඇහේ කටු අනින්න වගේ වුණා. ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා කොච්චර හොඳට රඟපෑවත් වැඩක් නෑ ඉතින් හොඳම නිළිය සම්මානය මේ වගේ ළමා වයසේ ඉන්න කෙනෙක්ට දෙන්න ඕන නෑ කියලා. ඒ කතාව එහෙම ඉවර වෙනකොට 2015 දී ම සුමති සම්මාන උළෙලේ දී තවත් සම්මානයක් තිසුරිට හම්බ වුණා. ඒ කියන්නේ ඉතිං ළමා කාලෙදිම එයා සම්මානනීය නිළියක් වුණා. මුලින් මුලින් නම් සමහරු කිව්වේ මෙයා අම්මගෙ පහනෙන් එළිය බලනවා කියලා. ඒත් ඉතිං වැඩි කාලයක් යන්න කලින් ඒ ගොල්ලොන්ටම ඇත්ත තේරුණා.
කොහොමින් කොහොම හරි දැන් එයා ඉතින් ඉස්සර හිටපු ළමා නිළිය නෙවෙයි. තිසුරි කියන්නේ දැන් ආදරණීය බිරිඳක්. මැරි කරා කියලා අම්මලා දුවලගේ සම්බන්ධතා ඉවර වෙන්නේ නෑනේ. ඔන්න තිසුරි දැන් අම්මත් එක්ක අලුතින්ම බිස්නස් එකක් පටන් අරගෙනයි තියෙන්නේ. බිස්නස් එකක්මත් නෙවෙයි ඒක. wedding events plan කරන එක තමයි එතනින් සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේකේ ඇත්ත කතාව දැනගන්න අපි තිසුරිට කතා කරා. එයා මෙන්න මෙහෙමයි අපිත් එක්ක ඒ විස්තර කිව්වේ.
“අභිමන events. ඒක තමයි අපේ නම. මේක කරන්නේ අම්මයි මමයි එකතු වෙලා.ගොඩක් අයට වෙඩින් එකත් කරද්දී ඒ ගැන වැඩිය අවබෝධයක් නෑ. ගොඩක් දේවල් කරන්න ගිහින් එක එක අපහසුතාවන් වලටත් පත් වෙනවා. අපේ අභිමන events එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගොල්ලන්ට උවමනා විදියට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන එකයි. උදාහරණයක් විදියට කියනවා නම් එයාලට උවමනා නම් flowers ඒ අය කැමති ආයතනයකින් ගන්න අපි coordinate කරලා ඒගොල්ලොන්ට ඒ පහසුකම සලසා දෙනවා. ඒවගේම තමයි එයාලට ඕනනම් හොටෙල් එකක් බලන්න එයාලගෙ අතේ තියෙන මුදලට, අපි ඒකත් කතා කරල දෙනවා. සරලවම කියනවා නම් වෙඩින් එකක මුල්ම තැන ඉඳලා අවසානය දක්වා හැම දෙයක්ම අපි අතින් සිද්ධ වෙනවා. අපි අතින් මේ දේ සිද්ධ වෙන්නේ wedding planner කෙනෙක් විදියට. ඒ කියන්නේ අපේ අතින් සිද්ධ වෙන්නේ සේවාවක්. ”
ඔන්න ඉතින් එහෙමයි තිසුරි අපිට එයාලගේ අභිමන events එකේ වැඩ පිළිවෙල ගැන කිව්වේ. ඔයාලත් ඔයාලගේ වෙඩිං එක ලඟදි ගන්න හිතන් ඉන්නවානම් A-Z, wedding එක plan කරන්න අභිමන events එකට බාර දුන්නොත් නරකක් වෙන එකක් නෑ.