
තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ඉන්න තුන් ඉරියව්වෙන්ම දක්ශතා පෙන්වන ක්‍රීඩකයෙක්.ඉතින් ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
මේ කියන්නේ ඒ තිසර ඔහුගෙ ආදරනීය බිරිඳ ශෙරමි පෙරේරට දීපු වටිනා තෑග්ගක් ගැන.මේ තෑග්ග තමයි සුපිරි ඇඳුම් සාප්පුවක් ඇය වෙනුවෙන් විවෘත කරලා දීපු එක.මේ ව්‍යාපාරය තිසර ආරම්භ කරලා තියෙන්නෙම ඔහුගෙ බිරිඳ වෙනුවෙන්ලු.පසුගියදා මේ ඇඳුම් සාප්පුවේ සමාරම්භක උත්සවය පැවතුනා.පැලවත්ත බත්තරමුල්ලේ තමයි මේ සාප්පුව තියෙන්නේ.
මාලිංග,මුරලි සහ ඔවුන්ගෙ බිරින්ඳෑවරුන් ,සංගක්කාරගෙ බිරිඳ යෙහාලි,ඇන්ජලෝ මැතිව්ස්,වගෙ ක්‍රිකට් තරු වගේම ඔවුන්ගේ බිරින්ඳෑවරුත් ඇවිත් හිටියා මේ අවස්තාවට.