
ටෙලි ඩ්‍රාමා බලන අය ඉන්නවනම් තාරකා කියන්නේ කවුද කියලා නොදැන ඉන්න හේතුවක් නෑ. කොහොමත් මේ දවස් වල අයිටීඑන් එකේ telecast වෙන Blackmail Teledrama එක බලනවා නං මෙයාව හොඳටම දන්නවා. මොකද ඒකෙ මෙයා කරන්නේ ගුප්ත චරිතයක්. ගුප්ත චරිත කියලා කියන්නෙත් ඉතින් මිනිස්සු වැඩි වැඩියෙන් අවධානය යොමු කරන චරිතනෙ. ඇත්ත ජීවිතයේදී වුණත් තාරුකා නිහඬ චරිතයක්. අන්න ඒ හින්දා කොහොමත් මෙයා ගැන ගොඩක් කට්ටිය බලන් ඉන්නවා වැඩියි. තාරකාට මේ ෆීල්ඩ් එකට එන්න පාර කැපුනේ 2010 අවුරුද්දේදී නේච සීක්‍රට් ආයතනය ඕගනයිස් කරපු ඡවි කල්‍යාණ තරඟයෙන්. එතනින් තමයි ෆීල්ඩ් එකේ හැම තැනකටම මෙයාට ජොයින් වෙන්න චාන්ස් එක ලැබුණේ. මොඩ්ලර් කෙනෙක්, ඩාන්සර් කෙනෙක් විදියට තාරකා එක එක වෙලාවට එක එක පාට් act කරන්න පටන් ගත්තා. ඒක තමයි ඉතින් එයාගෙ තියෙන ටැලන්ට් එක. ටැලන්ට් එක කියන එක විතරක් නිකංම තිබුනත් බෑ ඉතින් නිළියක් වුණාම ලස්සන එහෙමත් තියෙන්න ඹ්නනෙ. හැබැයි ඉතින් කොහොම වුනත් තාරකා නං කියන්නේ එයා පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා හිටියේ පිටරටවලින් ගේන ක්‍රීම් වර්ග වලට වඩා ස්වභාවික දේවල් වලින්ම තමන්ගෙ ශරීරය ලස්සන කර ගන්නලු. ඒකත් ඉතින් නරක නෑ හැම දෙයක්ම ඉතින් ලංකා වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වැඩ හින්ද දන්නෙත් නෑ තාරකාට ලැබෙන ප්‍රතිචාර නම් අති ඉහළයිලු. ඒ ගැන තමන්ට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්, ආත්ම අභිමානයක් කියලා තමයි තාරකා නම් කියන්නේ.
ඒ කතා එහෙම වෙනකොට මේ කියන්න හදන්නේ තවත් කතාවක්. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ ෆීල්ඩ් එකකට එනකොට සමහරු තමන්ගේ නම වෙනස් කර ගන්නවා එක එක විදිහට. සමහරු තමන්ට ළඟින්වත් යන්නෙ නැතිනම් දාගන්නවා. තවත් අය හොඳට ඇදලා යන නම් දාගන්නවා. තව අය වෙන අය කැමති නම් දාගන්නවා. ඉතිං මේ කියන්න හදන්නේ තාරකාටත් තියෙන වෙනම නමක් ගැන. අපි දන්න විදියට ඉතින් අපි පාවිච්චි කරන්නේ තාරකා වන්නිආරච්චි කියලා එයාට. එයත් ඉතින් පාවිච්චි කරන්නේ තාරකා වන්නිආරච්චිම තමයි. ඒත් දන්නවද තාරකාගේ Birth certificate එකේ තියෙන්නේ වෙනින් නමක්ලු. ඒකෙ තියෙන්නෙ “සඳනි තාරුකා” කියලාලු. අපි ඉතින් හරියටම කියන්න දන්නෙ නෑ මෙයා නම වෙනස් කර ගත්තද මොනවද අරකද මේකද විස්තර කියලා. ඒත් දන්න කියන ආරංචිවල විදිහට නම් මේක ෂුවර් කතාවක්.