
මීට කාලෙකට ඉස්සෙල්ලා ෆිල්ම් එකක් ලංකාවට ආවා චාර්ලිස් ඒන්ජල්ස් කියලා. ඒකෙ තිබ්බෙ කෙල්ලො තුන්දෙනෙක්ගෙ කතාවක්. කෙල්ලෝ තුන් දෙනාගෙ වැඩ බලපු ලංකාවේ මිනිස්සු අන්දුන් කුන්දුන් වෙලා ගියා කිව්වොත් ඒක තමයි හරිම කතාව. ළඟකදි නොවුනත් ඈත කාලයකදී ලංකාවෙත් ඒ වගේ ෆිල්ම් එකක් හැදුනා. මේ ෆිල්ම් එකේ නම සුරදූතියෝ. ඒ කාලේ මේ කාලේ ඒ වගේ ෆිල්ම් හැදුනට දැන්නම් ළඟකදි එහෙම ෆිල්ම් එකක් හැදෙන පාටක් වත් නෑ. සමහරවිට ඉතින් ඒකට නිළියන්ගේ අඩුපාඩුවකුත් ඇති. ඒත් ඉතින් ඒ විදියට කරනවා නම් කරන්න බැරි කමකුත් නෑ මොකද එකම ගෙදර නටන, දඟලන, පෙරලෙන නිලියො තුන්දෙනෙක් ඉන්න නිසා. වැඩිපුර ඉතින් කියන්න ඕන නෑනේ මේ කවුද කියලා නේද. මේ සෙට් එකම අයිති වෙන්නේ ප්‍රියසාද් family එකට. මේ තුන්දෙනාගෙන් වැඩිපුරම වැඩිමල්ම චරිතයයි, බාලම චරිතයයි ගැන කියවුණාට මැද චරිතේ ගැන නම් කියවෙන්නේ ටිකක් අඩුවෙන්. ඒ වුණත් මේ මැද චරිතෙ තමයි කවුරුත් දන්න ශේෂාද්‍රී.
ශේෂාද්‍රී මේ දවස් වල නිහඬව පැත්තකට වෙලා හිටියට මීට ඉස්සෙල්ලා නම් අක්කයි නංගියි වගේම තදටම කලාවට සෙට් වෙලා හිටියා. ඒත් ටික කාලෙකට මෙයා ටිකක් කලාවෙන් ඈතට යන්න ගියා. ඈත් වෙලා ගියා කිව්වට ඉතිං එයාට කලාවෙන් ඈත් වෙලා එළියට යන්නත් බෑ. මොකද family එක ෆවුන්ඩේෂන් එක තියෙන්නේම කලාවත් එක්කනෙ. ඒ හින්දා ටික දවසකට කලාවෙන් එලියට ගිය ශේෂාද්‍රී ආයෙමත් කලාවටම එනවා ෂුවර් තමයි. කොහොම උනත් මේ කියන්න ගියේ අක්කා නංගිලාගේ පොඩි රහසක් ගැන. මං හිතන්නේ ඒක ගෙදර අයත් දන්නේ නැතිව ඇති. තුන් දෙනාම ඉන්නේ ඉතින් යාළුවො වගේනෙ. Normally ගත්තාම ඕන කෙනෙක් තමන්ට ප්‍රශ්නයක් වෙනවා නම් කෙලින්ම කියන්න අම්මට හරි තාත්තට හරිනේ. ගොඩක් වෙලාවට තාත්තට නැතත් ඉතින් අම්මට තමයි ෂේප් එකේ සෙට්වෙලා ඒ කතන්දරේ කියන්නෙ. ඒත් ඉතිං ශේෂාද්‍රී නම් ඔන්න එහෙම නෑලු. එයාගෙ ඔක්කොම තියෙනතරම් problem ටික ඉස්සෙල්ලම කියන්නේ අක්කටයි නංගිටයිලු. ඒ ඒ දේවල් ඒ විදියට කතා කරගත්තට පස්සේ ඊටත් පස්සෙලු ඒවා අම්මා ගාවට යන්නේ. අක්කටයි නංගිටයි ඉස්සෙල්ලම ප්‍රශ්නෙ කියනවා කියන්නේ මුලින්ම තමන්ගේ කතන්දරේට උත්තරයක් ගන්න පුළුවන් නම් වැඩේ එතනින්ම close කරලා දාන්නත් වෙන්න ඇති. දැන් ඉතින් මේවා ශේෂාද්‍රීගෙ අම්මා දැන ගත්තට පස්සේ ශේෂාද්‍රීගෙ ඊලඟ problem, ටික සේරම ඉස්සෙල්ලාම අම්මට කියන්නත් වෙයිද දන්නෙත් නෑ