Daily News
Trending

තලවතුගොඩ ගින්නෙන් පිළිස්සී ගිය උමාරාගේ වටිනාම දේ.




පහුගිය දවසක තලවතුගොඩ විශාල ගින්නක් ඇතිවුණා. ඒ ගින්නට යාබද ගොඩනැඟිල්ලක් ද මැදිව තිබුණා. එම ගොඩනැඟිල්ලෙහි එක් මහළක ජනප්‍රිය සංගීත ශිල්පිනියක වූ උමාරාගේ වෝකල් ඇකඩමිය ද පවත්වාගෙන යමින් තිබුණා. උමාරා තාවකාලිකව නතරව සිටියේ එහිම එක් මහලක.

කෙසේ හෝ මෙම ගින්නෙන් වෝකල් ඇකඩමිය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලෙහි එක් බිත්තියක් මුළුමනින්ම පිළිස්සිලා. ඒ විතරක් නෙමෙයි උමාරා නතරව සිටි තැනත් පිළිස්සී ගිහින්.

මේ ගින්න නිසා උමාරාට සිදු වූ පාඩුව කියලා නිමකරන්න බැරි තරම්ලු. වෝකල් ඇකඩමියේ සියලු ලියකියවිලි මෙන්ම සංගීත උපකරණ ද මේ ගින්නෙන් පිළිස්සී ගොස් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි උමාරා තාවකාලිකව නතරව සිටි මහළ ද ගින්නට හසුවෙලා. මේ නිසා ඇයගේ ඇඳුම් පැළඳුම් සහ ජුවලරි ද පිලිස්සී ගිහින්.

මේ සියලු භෞතික දේවල් අහිමි වුණත් උමාරා නැවත නැඟී සිටිනවා. ඒ ඇයට ඉතාම ආදරණීය පවුලක් මෙන්ම හිතවත් පිරිසක් ද සිටින නිසා. සිද්ධිය වූ අවස්ථාවේම ඇගේ නැගනිය වූ උමාරියා ද එතැනට පැමිණෙනවා. කෙසේ හෝ මේ ගොඩනැඟිල්ල යලි පිළිසකර කළාට පසු නැවත් උමාරා එයාගේ වැඩ පටන්ගන්නවා. ඒ අනුව මාසයකටත් වැඩි කාලයක් වසා දමා තිබුණ වෝකල් ඇකඩමියේ වැඩත් අලුතින් පටන්ගන්නවා.

උමාරා දෙසැම්බරයේ අලුත් ගීතයක් අපිට තිළිණ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් අපි ඇයගේ සියලු කටයුතු වලට ආශීර්වාද කරනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close