
සති කිහිපයක සිට රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරේ තිබුණේ උණුසුම් වටපිටාවක්. ඒ සුමති සම්මාන උළෙල ඉල්ක්ක කරගෙන. එකිනෙකා මඩ ගහගත්තේ, මඩ ගැහුවේ තමන්ට සම්මානයක් හිමිකරගන්න. කොහොම වුනත් මේ හැමෝටම උත්තර දීලා සම්මාන උළෙල නිමා වුනේ ඊයේ රාත්‍රියේ.
2018 වසරේ ජනප්‍රියම නිළිය වුනේ ශලනි තාරකා. ඇය සම්මාන අරගෙන කිවේ අද සම්මාන වලට මරාගත්තට හෙට අපි හැමෝම එකට වැඩකරන්න ඕන කියලා. ඒ කතාව නම් ඉතින් ඇත්ත තමයි. මේ කාණ්ඩයේ ජනප්‍රිය නළුවා වුනේ අහිංසක ප්‍රේමවන්තයා රවීන් කනිශ්ක.
2018 වසරේ හොඳම නළුවා ලෙස සී රජ නාට්‍යයේ රගපෑ ශ්‍යාම් ෆ්ර්නෑන්ඩුත්, හොදම නිළිය ලෙස බැද්දෙ කුලවමියෙහි රඟපෑ නදී කම්මැල්ලවීර ත් සම්මාන හිමිකරගත්තා.
වසරේ නැගී එන නිළිය ලෙස වොල්ගා කල්පනිත් නැගී එන නළුවා ලෙස දිනෙත්ද සිල්වා ත් සම්මාන හිමිකරගත්තා. ගොඩ දෙනක් බලන් හිටිය සුමති සම්මාන උළෙල නිමා වුනේ තරු රැසකට සම්මාන බෙදා දෙමින්.