
සරසවි සම්මාන රාත්‍රිය ඊයේ රාතිරියෙදි බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවෙදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා කියලා අපි හැමෝම දන්න්වනෙ.සම්මාන රාත්‍රියකින් පස්සෙ ගොඩක් රසිකයෝ හොයන්නෙ හොදම කෙනා කවුද කියල.කාටද සම්මාන ලැබුනෙ කියල.ඉතින් අපිත් ටිකක් හොයලා බැලුව.
2016 සහ 2017 වසර මුල් කරගෙන තමයි මේ සම්මාන දුන්නෙ 2016 හොදම නිලියට හිමි සම්මානය හිමිකරගත්තේ සරිගම චිත්‍රපටයෙ රගපෑ ගොඩදෙනෙක් ආදරය කරන පුජා උමාශංකර්. ඒ වගෙම 2017 වසර හොදම නිලිය උනෙ සමනලී ෆොන්සේකා.
මේ වසර දෙකේ හොදම නලුවට හිමි සම්මාන දෙක හිමිකරගත්තෙ දසුන් පතිරන සහ සවුම්‍ය ලියනගෙ කියන දක්ශ නලුවන් දෙන්නා…ඒ වගෙම කවුරුත් ආදරය කරන යුරෙනී නොශිකටත් සම්මානයක් හිමි උනා ඒ හොදම සහය නිලිය කියන සම්මානය.වසරේ නැගී එන නිලිය සම්මානය හිමිකරගතේ පසුගියදා විවාහ උන තිසරි යුවනිකා.හැමෝම කිවෙ මේක ඇයට ලැබුනු මංගල තෑග්ගක් කියල.ඉතින් අපි මෙ කිව්වේ හොදම නලුවා සහ නිලිය සහ තවත් සම්මාන කිහිපයක් ගැන විතරයි.කොහොම උනත් සම්මාන රැසක් බෙදලා දීලා සරසවි සම්මාන රාත්‍රිය අවසන් උනේ අන්න එහෙමයි.