Daily NewsGossipsHollywood & Bollywood
Trending

තමිල්නාඩුවේ විජේලා දෙන්නා වලියකට සෙට්වෙයි… Vijay Sethupathi




Vijay Sethupathi කියන්නේ හැරිලා බැලුවත් ඇති වගේ නළුවෙක් ඇක්ටින් නම් ඇක්ටින්. ආයිත් ඉතින් ඒවට ගහන්න කවුරුත් නැ. වැඩි සුකුරුත්තන් නැති සීනි බෝල චරිතයක් නොවුනු සේතුපති මෑත භාගයේ රඟපාපු හැම ෆිල්ම් එකක්ම වගේ අපේ භාෂාවෙන් කියනවා නම් score කරා. අන්න ඒක හින්දා Vijay Sethupathi රඟපාන්නේ දුෂ්ටයෙක් ට ද වීරයට ද කියන එක අදාළ වුණේ නෑ. මිනිස්සුන්ට ඕන වුණේ sethupathiගෙ ඇක්ටින් බලන්න විතරයි. අන්න ඒක නිසා එයාගෙ ෆිල්ම් එකක් තියෙන්නේ කොහෙද එතැනට ගිහිල්ලා පොරකාල හරි ඒක බලන්න මිනිස්සු පෙළඹුනා. මේ විජේ එහෙම වෙනකොට අනිත් විජේත් ලේසි නැහැ. ඉස්සෙල්ලා විජේට වගේ නෙමෙයි මේ විජේට නං කාන්තා ආකර්ෂණය හොඳට තිබුණා. විශේෂයෙන් කෙල්ලන්ගෙන්. මේ විජේ තමයි Thalapathy Vijay. එයත් ලේසි නෑ තමිල්නාඩුව පෙරලෙන විදිහටම ෆිල්ම් කරපු චරිතයක් තමයි.

කොහොමහරි දැන් මේ දෙන්නම ඔන්න ආරවුලකට පැටලෙන්න යන්නේ .ඒ ගැටුම් ඉතින් කොහොමින් කොහොම දෙන්න බේරගනියිද දන්නේ නෑ. මේකෙ බැරෑරුම්ම අවස්ථාව එන්නෙ Deepawali කාලෙදී. මොකද ඒක ෆිල්ම් දෙකක හුටපටයක්. Vijay Sethupathi රඟපාපු sanga thamizan ෆිල්ම් එක මේ දීපවාලිය එනකොට එලියට දාන්න තමයි හිතන් ඉන්නේ. මේ ෆිල්ම් එකේ Vijay Sethupathi, dual role එකකුත් ,කරනවා කියලා තමයි කියන්නේ. ඒ එක්කම Thalapathy Vijay කරන ෆිල්ම් එකත් දීපවාලියෙදීම ඔන්න එලියට දානවලු. ඒ ෆිල්ම් එක තමයි Bigil. ඉතිං විචාරකයන් කියන්නේ මෙන්න මේ වැඩ හින්දා ලොකු අර්බුදකාරී තත්ත්වයක් නම් ඇතිවෙන එක වලක්වන්න බැහැ කියලා. මොකද තමිල්නාඩුවේ හැමදාමත් ඉන්නේ උන්මාදෙන් වගේ සිනමාව බදා ගත්ත මිනිස්සු. ඔවුන්ගෙ නළුවා තමයි නළුවා. ආයේ ඉතින් වෙන කාටවත් ඉන්න බෑ. නලුවා කියන්නේ ඉතින් ඔවුන්ගේ දෙවියා. ඉතින් ඔවුන් ඒ දෙවියා වෙනුවෙන් නම් අනිවාර්යෙන්ම අකුරට වැඩ කරනවා. ඉතිං මේ සෙල්ලම අපට හොඳ හැටි බලාගන්න නම් දීපවාලි වෙනකම් ඉන්න වෙනවා. කවුද මේ රේස් එකෙන් දිනන්නෙ කියලා බලා ගන්න ඕන නම්…

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close