Daily News
Trending

තමාවම සොයමින් පුබුදු ආපු දුර.




අද දවසේ අපි හඳුනා ගන්නා අති දක්ෂ රංඟන ශිල්පියකු ලෙස පුබුදු චතුරංගව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ රංඟන ශිල්පියා ඉතාම දක්ශ තිර පිටපත් රචකයකු වගේම නිෂ්පාදකයකු ද වනවා. මාෂි කියන ඉතාම සුන්දර තරුණිය තමයි පුබුදුගේ අත ගත් භාර්යාව වෙන්නේ. හැම අතින්ම සාර්ථකත්වයක් අත්පත් කර ගෙන සිටින පුබුදු තමන් ආපු මාවත දෙස හැරී බලනවා.

අපිත් ඔහුත් එක්ක ඒ අතීතයට ගිහිං දක්ෂයකු නිර්මාණය කරන මාවත කොයි තරම් අපහසු එකක්ද කියලා අවබෝධ කරගමු.

පුබුදු රංඟනයට අත් පොත් තබන්නේ පෙර පාසලෙන්. පෙර පාසල් විවිධ ප්‍රසංගයට පුබුදු කාණ්ඩ 8ක් නියෝජනය කරනවා. ඒ අයිටම්ස් අතර ගැහැනු චරිත පවා තිබෙනවා. ඉස් ඉස්සෙල්ලාම පුබුදු ඉස්කෝලේ යන පළමු අවුරුද්දේම මහදැන මුත්තයි ගොලයෝ රොත්තයි කියන නාට්‍යය කරනවා. ඊට පස්සේ පුබුදු නවතින්නේ පාසලේ ඉංග්‍රීසි වේදිකාවේ. ඔහු පාසැල් වේදිකා නාට්‍ය 13කට පමණ සම්බන්ධ වෙනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. ඒ තමයි පුබුදුව වෙනස් කරපු තැන. ඔහු නාට්‍ය පිටපත් රචකයෙක් වෙන්නේ පාසල් වයසේදී. සාමාන්‍යපෙළ විභාගයට පාසලේ හොඳ ප්‍රතිඵල ගත්ත පුබුදු අවසානයේ කලාකරුවෙක් වන තීරණාත්මක තීරණයට එළැඹෙනවා. ඔහු චිත්‍රපට තිර පිටපත් රචනය දක්වාම යොමු වෙනවා.

දවසක් නළු වරණය පිළිබඳ දැකපු දැන්වීමක් නිසා පුබුදුගේ ජීවිතය එක් මාවතකට හැරෙනවා. එදා ඉන්ටර්වීව් එකට යන්න නම් ටිකට් එකක් ගන්න ඕනෙ. ඒත් පුබුදු ළඟවත් ඔහු එක්ක හිටපු යාළුවා ළඟවත් ටිකට් ගන්න සල්ලි තිබුණේ නෑ. කොහොම හරි නීති විරෝධී විදියට පෝලිමට එකතු වෙන පුබුදු එදා අවසන් දස දෙනාටත් තේරෙනවා.

පුබුදු වේදිකාවට සම්බන්ධ වන විට ධර්මසිරි බණ්ඩාරනායකගේ “ට්‍රෝජන් කාන්තාවෝ” එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ තමයි මහාචාර්ය ඇතුගලයන්ට පුබුදුව මුණගැසෙන්නේ. ඔහු පුබුදුව සමනල කඳවුර කියන නාට්‍යයට තෝරා ගන්නේ උප චරිතයක් විදියට. නමුත් පුබුදුගේ රංඟන විලාසිතාව දැකලා ඔහු තීරණය කරනවා පුබුදුව ප්‍රධාන චරිතයට ගේන්න.

හිරිපොද වැස්ස කියන්නේ පුබුදුගේ පළමු සිනමා අත්දැකීම. එදත් යාළුවො පස් දෙනාගෙන් කෙනෙක්ට හිටපු පුබුදු ප්‍රධාන චරිතයකට පණ පොවන්න අවස්ථාව උදාකර ගන්නවා.

මෙහෙම ආපු පුබුදු හොඳම නළුවා සම්මානය දක්වා ඔහුගේ ගමන එනවා. තවත් දුර ඔහුට යන්න තියෙනවා.

” ඇත්තටම මම තවම මාව හොයනවා. මම මගේ ඇතුලාන්තය සොයනවා. මගේ ඇතුලාන්තයට එලියේ තියෙන සම්බන්ධය හොයනවා. ජීවත්වෙනවා කියන්නෙ ඒකට. මේ ක්‍රමය ඇතුලේ පවතින්න නම් අපි අපිව තේරුම් ගන්න ඕනේ. තේරුම් ගැනීම සඳහා යන ගමන ඉතාම දුෂ්කර එකක් වෙන්න පුළුවන්. ඒ දුෂ්කර ක්‍රියාව දුෂ්කර වන තරමට ඔබට ලැබෙන දේවල් වැඩියි ”

පුබුදු තමන් ජීවිතය සොයන අයුරු විග්‍රහ කරන්නේ එලෙසය. ඔහුගේ සාර්ථකත්වයේ රහස සැඟවී තියෙන්නෙත් ඒ වචන අතරේ.

Tags
Show More
Close