Daily News
Trending

තනූජා යාළුවන්ට අසභ්‍ය ෆෝටෝ යවලා?

Thanuja Jayawardana




Thanuja Jayawardana  Exclusive from Starfriends.lk

තනූජා ජයවර්ධන කියන්නේ අති සාර්ථක මාධ්‍ය ගමනක් ආපු දක්ෂ තරුණියක්. ඇය අද මාධ්‍ය ක්ෂේත්‍රයේ විධායක තනතුරු ද හොබවන නිහතමානී කාන්තාවක්. නිදහස්ව සහ නිවහල්ව සිතන පතන උසස් ගතිගුණ ඇති ගෞරවනීය ගැහැනියක්. අපට ඇය සම්බන්ධයෙන් මේ පුවත අසන්න ලැබුණෙත් ඇය විසින්ම ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින්.
සමාජ ජාල මාධ්‍යය කියන්නේ හරියට දැනගෙන බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න අවශ්‍ය තැනක්. එහෙම නැතිවුණොත් ලොකු අමාරුවක වැටෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ජනප්‍රිය චරිත වඩාත් පරිස්සම් විය යුතුයි. එහෙම නොවුනොත් ‌ෆේස්බුක් හැකර්ස්ලාට අහුවෙලා අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා.

දවසක් තනුජාටත් එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවණවා. තනුජා එයාගේ යාළුවන්ට අසභ්‍ය ඡායාරූප ඉන්බොක්ස් කළා කියලා යාළුවන්ගෙන්ම ආරංචියක් ආවා. කවදාවත් ඇය ඒ වැනි දෙයක් කරන්නේ නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ තනුජාගේ නමින්ම කවුද කෙනෙක් ෆේක් එකවුන්ට් එකක් හදාගෙන තනුජාගේ යාළුවන්ට රික්වෙස්ට් දාලා. යාළුවොත් ඉතින් හොයන්නේ බලන්නේ නැතිව ඇඩ් කරගෙන. මේ ගැන දැනගත්තාට පස්සේ තනුජා ක්‍රියාත්මක වෙලා තවදුරටත් එවැන්නක් සිදුවීම වළක්වනවා.

සාමාන්‍යයෙන් තනුජා ෆේස්බුක් ඇණ එක්ක එල්ලි එල්ලි යන්නේ නැහැ. පුළුවන් තරම් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න තමයි බලන්නේ. මොකද එහෙම නොවුණොත් ඒ අය වෙන වෙන මාර්ග වලින් පළිගන්නවා කියලා තනුජා හිතනවා. මේ විධියට තනුජාට ඇණයක් වෙච්ච හාදයෙක් ඉන්නවා. ඔහු දැනටත් තනුජාගේ පින්තූරවලට පවා කමෙන්ට් කරකර ඉන්නවා. පැහැදිලි කරලා දුන්නත් තනුජාව අතාරින්න ඒ පුද්ගලයා සූදානම් නැහැ. ඉතින් මේ ලව් එක එයාට තනියම කරගන්න දීලා තනූජා නිහඬ වෙන්න තීරණය කරනවා. මොකද සමහර මානසික රෝගී තත්ත්වයන් තේරුම් ගන්න අපහසුයිනේ. ඔහු දැනටත් තනූජාගේ සියලු ඡායාරූප ලයික් කරකර පුරුදු ඇණය ලෙසින් ඉන්නවාලු. බලන්න තනුජා ඒ වගේ ප්‍රශ්නවලට රියැක්ට් කරන විලාසය. ඔයාලටත් තනුජා වගේ වෙන්න අවශ්‍යයි නම් කලින් අත්දැකීම්වලින් තෙම්පරාදුවෙලා එන්න ඔිනේ.

Thanuja Jayawardana  Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close