Daily News
Trending

තනුජා කැමති ෆිල්ම් මේකර් කෙනෙක් වෙන්නලු.




තනුජා ජයවර්ධන කියන්නේ නිළියක් නොවුනත් බොහොම ජනප්‍රිය චරිතයක්. රස රිසි ගී කියන රූපවාහිනී වැඩසටහනකින් ජනප්‍රිය වුණ තනුජට රසිකයෝ ආදරය කරන්නේ වයස බේදයක් නැතිවමයි.

වසර ගනණාවක් පුරාවට එකම රූපවාහිනී ආයතනයක රැදී ඉඳපු තනුජා මාස කිහිපයකට කලින් ඉන් ඉවත් වුණා. ඉන් පස්සේ හැමෝම බලන් හිටියේ තනුජා ඊළගට මොකද කරන්නේ කියලා. දැන් අපිට තනුජව බොහෝමයක් කලා ලෝකෙ සාද වලින් දකින්න ලැබෙන අතර වෙනදා ඇයට අනන්‍යය වෙලා තිබුණු ඩෙනිම් කලිසමෙනුත් ටී ෂර්ට් එකෙනුත් ටිකක් ඈත් වෙලා සාරි වලින් සැරසිලා ඉන්නවාත් අපිට දකින්න ලැබුණා.

තනුජා කියන විදියට ඇය මූල්‍ය පාලන කටයුතු වලට වගේම කෑම පාලනය කරන්නත් බොහොම දක්ෂයයිලු. ඒ වගේම ඇය ජීවිතයේ අතහැරීම කියන දේ හෙමින් හෙමින් ප්‍රගුණ කරමින්ලු ඉන්නේ. තනුජාගේ තියෙන එකම හීනයක් තමයිලු කවදම හරි ෆිල්ම් මේකර් කෙනෙක් වෙන්න. ඔන්න ඉතින් තනුජා ඊළගට කරන්නේ මොනාද කියලා හොයපු අයට හොද ආරංචියක් මේක.

Tags
Show More
Close