Daily News
Trending

තනුජාගේ විදියට ආදරය කරපු අයට ආරාධනාවක් – තනුජා ජයවර්ධන




මේක ටිකක් වෙනස් වැඩක්. ජාතික රූපවාහිනියේ සභාපතිත්වය ඉනෝකා සත්‍යාංගනී අතට ගියාට පස්සේ ඒක ඇතුලේ කවදාවත්ම සිදුනොවුන දේවල් සිදුවෙන්න පටන් අරගෙන තියෙන බව පේනවා. මේකත් එහෙම වැඩක්.

එකම විදියෙ ඒකාකාරී වැඩසටහන් විකාශය වුණ ජාතික රූපවාහිනියට සිරසේ තනුජා එනවාලු. තනුජා වගේ කෙනෙක් ජාතික රූපවාහිනියට දිරවාගන්න පුළුවන් වීම ගැන ඉස්සෙල්ලම සතුටු වෙන්න ඕනේ.

තනුජා ජයවර්ධන කියන්නේ නූතන පරම්පරාව ආමන්ත්‍රණය කිරීමේ සුවිශේෂී හැකියාවක් සහිත වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඇය මේ වනවිට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විධායක තනතුරු පවා හොබවන්නියක්. ඔයාලා හැමෝම දන්න රස රිසි ගී තනුජා දැන් ඉන්නේ හුඟාක් ඉදිරියෙන්. ඇගේ විදියට ආස කරපු අති විශාල පිරිසක් ලංකාවේ විසිරිලා ඉන්නවා.

තනුජා මේ ආරාධනය කරන්නේ තනුජාගේ විදියට කැමති අයට. රූපවාහිනියෙන් අලුත් වැඩක් පටන්ගත්තා. ඒකේ නම ” තාල භාෂණ ” සෑම සෙනසුරාදාවකම රාත්‍රී 10.30ට වැඩේ පටන්ගන්නවා. තාල භාෂණ කියන්නේ නළු නිළියන්, දේශපාලකයන් එක්ක එකතුවෙලා කරන සෞන්දර්‍යාත්මක වැඩක්. තනුජා වැඩ සටහන මෙහෙයවන ආකාරයත් එක්ක ඒකෙ හැඩය, රසවත්බව තීරණය වෙනවා.

තනුජට පුළුවන් වෙයිද රූපවාහිනිය වෙනස් කරන්න. තාල භාෂණ ඒ සඳහා පාලමක් වනු ඇති. කොහොම වුණත් මේ වැඩසටහන ලොකු කුඩා කාටත් රස විඳින්න පුළුවන් තත්ත්වයේ වැඩසටහනක්. අපි බලමු. ඒ වගේම තනුජාගේ ඉල්ලීම භාරගෙන මේ ගැන අපිට තියෙන අදහස් තනුජාට කියමු. ඒකට ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යය ඔයාලට උදව් කරාවි.

Tags
Show More
Close