
ජනිත් වික්රමගේට දැන් අවුරුදු 30ක්. මේ වයස නම් ඉතිං කොල්ලෙක්ට ඒ හැටි වයසක් නෙමෙයි තමයි. ඒත් ඉතිං තවම ජනිත් නම් බඳින අදහසක වත් නැහැ. මේකට හේතුව මෙන්න මෙහෙමයි.
ජනිත් කියනවා කසාද බැඳලා පස්සෙ තනිවෙනවද නැත්නම් තනිවෙලා ඉඳලා දිගටම පවුල් වෙලා ඉන්න පුළුවන් කෙනෙක් තෝරගන්නවද කියන කාරණය හිතන්න වෙනවලු. මේ නොකියා කියන්නෙ හදිසියෙ විවාහ වෙලා ඩිවෝස් වෙනවට වැඩිය හැමදාම එකට ඉන්න පුළුවන් කෙනෙක් තෝරාගන්න එක හොඳයි කියලානෙ.
ජනිත් කියන විදියට ටිකක් පරිණත වෙලා තීරණ ගන්න එක තමයි ඇඟට ගුණ. එහෙම නැතිවුණොත් බැඳගත්ත බෙරේ ගහන්න වෙනවා වගේ දේකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ.
ඒ නිසා ජනිත් තනිකඩව හිටියා ඇති පවුල් වෙන්න ඕනෙ කියන තීරණයට එන්නෙ ආයෙ හොඳටම හිතලා මතලා තමයි.
ජනිත් යම් කිසි අවබෝධයකින් වැඩ කරන කෙනෙක් නෙ. එයා උපන්දින සාද වෙනුවට ලේ දන් දීමේ කඳවුරක් පවත්වනවා. ඒ වගේ අර්ථාන්විත සිතුවිලි එන තරුණයෙක්ට හොඳ කෙල්ලෙක් ලැබෙන්න ඕනෙ. සමහර විට ඒ පෙම්වතිය දැනටමත් හොයාගෙන ඇත්තෙ.