Daily News
Trending

ඩිලන්ත මාලගමුව ඝාතන සැලැස්මක්.




ඩිලන්ත මාලගමුව කියන්නේ අපේ රටේ නම ලෝකයට අරගෙන ගියපු අයිකන් එකක්. කවදාවත් අපි වගේ පුංචි රටකට ළං වෙන්න බැරි ක්‍රීඩාවකින් ඔහු ලෝකයක් දිනනවා. මෝටර් රථ ධාවන ශූරයකු ලෙස ඔහු අපේ රටට අත් කර දී ඇති කීර්තිය තව දුරටත් අවසන් වී නැහැ. නිහතමානී ශ්‍රී ලාංකිකයෝ කියන සිංහල අකුරු ලියැවුණ නිල් පාට ලැම්බෝ ගිනි රථයක් ලෝකයේ ධන කුවේරයන්ට විතරක් අයත් ධාවන පථවල වේගයෙන් ඉදිරියට ඇදෙන්නේ අපේ පුංචි රටට විශාල ගෞරවයක් ලබා දෙමින්. මේ නිහතමානී ශ්‍රී ලාංකිකයා අපේ රටට වටිනා සම්පතක්. ඒ නිසයි මේ පුවත නිසා අපි වඩාත් කම්පනයට පත් වුණේ. පසුගිය දවසක අත්අඩංගුවට ගැනුන පාතාල සමාජිකයකුගෙන් කළ ප්‍රශ්න කිරීමක දී තමයි මේ අනාවරණය සිදුවන්නේ. පොලීසිය මේ පිළිබඳව ඩිලන්ත මාලගමුවට දැන්වූවාට පසුව ඔහු පෙරලා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. දැන් පොලිසිය ඒ ගැන පරීක්ෂන කටයුතු මෙහෙයවනවා. ඉතිං මේ සිදුවීම සුළුවෙන් ගත යුතු නැහැ. ඩිලන්ත කියන්නේ අපේ රටේ සිටින වටිනා පුරවැසියෙක්. ඔහුගේ ජිවිතය මේ මොහොතේ අනාරක්ෂිතයි. ඒ නිසා ඔහුව ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක්. ආරංචියේ හැටියට නම් මේක පිටිපස්සේ දේශපාලන හස්තයකුත් ක්‍රියාත්මක වෙනවා. ඩිලන්තව ඝාතනය කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා හරියටම කියන්න බැහැ. පර්යේෂණවලින් ඒ තොරතුරු අනාවරණය වේවි. ඒ මොනවා වුණත් ඩිලන්ත වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේ වගකීම නම් මේ වෙලාවේ අමතක කරන්න නරකයි.

Tags
Show More
Close