
ටෙහාන් පෙරේරා දැන් තාත්තා කෙනෙක්නේ. ඒත් ටෙහාන්ට තරුණියන්ගේ ආකර්ෂණයෙන් අඩුවක් නැහැ. කොටින්ම ටෙහාන්ගේ ගීත නිර්මාණ වැඩියෙන්ම රසවිඳින්නේ තරුණ තරුණියන් කිව්වොත් නිවැරදියි.
ටෙහාන් ළඟදී දවසක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා, එයාගේ නොහික්මුණ තරුණ කාලය ගැන රස කතා ටිකක් කියනවා. ටෙහාන්ට විවාහයට කලින් ප්‍රේම සම්බන්ධතා දහයක විතර අත්දැකීම් තිබිලා තියෙනවා. කොල්ලන්ගේ හැටි එහෙමනේ. ලව් කරන්න ගියාම සීමා මායිම් නැහැනේ.
ඉතින් ටෙහාන් ඉස්සර ගෙදර අයත් එක්ක පල්ලි යනවාලු. පල්ලියේ පූජාවට ගියාම එහෙ බැලුවත් ටෙහාන්ගේ නැන්දම්මලාලු. මෙහෙ බැලුවත් ටෙහාන්ගේ නැන්දම්මලාලු. ඇයි ඉතින් හිත ගියපු කෙල්ලො තුන හතරක්ම ඉන්නවනේ. ටෙහාන් පල්ලි යන්නේ ඔන්න ඔය වුවමනාවත් එක්කලු.
මේ කියන්නෙ ඉතින් සෑහෙන කොල්ලා කාලේ කතාවක්. දැන් ටෙහාන් ඉතාම ආදරණීය ස්වාමිපුරුෂයෙක්. ඒ වගේම යුතුකම් දන්න සෙනෙහෙබර පියෙක්.