Daily News
Trending

ටෙහාන්ගේ ශුංගාරි ඇවිල්ලා

Tehan Perera




Tehan Perera Exclusive from Starfriends.lk

ටෙහාන් පෙරේරා කිව්වාම කවුද කියලා ඔයාලා දන්නවානේ…? ලංකාවේ වර්තමාන තාරුණ්‍යයේ ආදරය දිනාගන්න ටෙහාන් සමත් වෙනවා. නිහඬ වූයේ, උණුසුම, නිල් තාරුකා වගේ අතිශය ජනප්‍රිය ගීත නිර්මාණ සමඟ රසික ආකර්ශනය දිනාගන්න ටෙහාන් සමත් වුණා.

මෙවර ටෙහාන් ඔයාලා අතරට අරගෙන එන්නේ ශුංගාරිව. ශුංගාරිව නිර්මාණය කරන්න ටෙහාන් සමඟ තවත් කණ්ඩායමක් එකතු වෙනවා. ඒ අනුව ගීත රචනයෙන් එකතු වෙන්නේ ධනිත් ශ්‍රී. සංගීතය සහ තනුව නිර්මාණය කරමින් චානක ලක්මාල් එක් වෙනවා. ශුංගාරිගේ ශුංගාරය ඉස්මතු කරන ගිටාර් හඬ කසුන් වෙල්ගමගේ.

කිඳුරන් සැලුවා මා
සැනෙකින් දවනා සේයා
සිත් බිඳිනා කාරණා
එකින් එක අහසට විසිකරන්
මා වෙත නෙත් යොමන්
ක්ෂිතිජය දිගේ
දෙව්ලිය යළි දකින්

ටෙහාන් ඔයාලට තිළිණ කරපු අලුත්ම ගීතයේ පදවැල ආරම්භ වන්නේ ඒ ආකාරයට. තවමත් ඔයාලට ශුංගාරිව ඇස් දෙකෙන් දැකගන්න රූප රචනාව නම් නිම වෙලා නැහැ. ඒත් ගීතය අහලා ඔයාලාට එයාව මනසේ මවාගන්න පුළුවන්.

Tehan Perera Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close