
වර්තමානයේ ලොව විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නන් අතර රංඟන හේරත් සිටින්නේ පෙරමුණේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොව විශිෂ්ටතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ සේවය ලැබෙන සමයේ රංඟන හේරත්ට පසුබා සිටින්නට සිදු විය. නිස්සාට නිසි දෙයම ලැබිය යුතු බව වටහා ගත් රංඟන මේ ගමන එන්නේ ඉවසීමෙනි.
මුරලිගේ සමුගැනීමෙන් පසු කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා වූ රංඟන සාර්ථක ගමනක් ආවේ කිසිදු කලබලයකින් තොරවය.
තමන්ගේ ක්‍රිකට් දිවියේ වටිනා සලකුණු රැසක් තැබූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ඔහු සිය ටෙස්ට් දිවියට සමුදෙන්නට තීරණය කරයි. දඟපන්දු යවන්නන්ගේ පාරාදීසය සේ සැළකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන්ටද ගෞරවාන්විත සමුදීමක් තිළිණ කළේය. අද රංඟන වෙනුවෙන්ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සැදී පැහැදී සිටියි. ඔහු එම පිටියේදී කඩුළු 100 පසු කර යාමට මේ වෙද්දී සමත් වී ඇති අතර එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟය තවමත් නිමාවී නැත.
රංඟන සිය ටෙස්ට් දිවියට සමුදෙන විට හතලිස් වියේ පසු වෙයි. මේ වනවිට ඔහු වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් දවාගත් වමත් දඟයාද වෙයි.
මුරලිගෙන් පසු ඒ හිස්තැන පුරවන්නට රංඟන සමත් විය. රංඟනගෙන් පසු ඒ තැන ගන්නේ කවුරුන්ද?
නවක ක්‍රීඩකයන්‍ට හොඳ අවස්ථාවකුත් අභියෝගයකුත් ඉතිරි කර ටෙස්ට් දිවියෙන් සමුගන්නා නිහතමානී වමත් දඟයාට ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් අපේ උණුසුම් සුභාෂිංසන මෙලෙස පිරිනමමු.