
ටීනා ශනෙල් කියන්නේ මෑතකදී රංඟනයට පයගහපු රංඟන ශිල්පිනියක්නේ. මෝස්තර නිරූපිකාවක් නිසා ඇයට තිරයේදීත් ඉන් පිටතදීත් සුවිශේෂී ආකර්ශනයක් තිබුණා. විශේෂයෙන්ම ඇය අඳින පළඳින විදිය හරිම ආකර්ශනීයයි.
ටීනාව සිනමාවට හඳුන්වා දෙන්නේ ප්‍රියන්ත කොළඹගේ කියන අධ්‍යක්ෂවරයා. ඇයව ටෙලිනාට්‍ය කලාවට ගේන්නෙත් ඔහුමයි. ප්‍රියන්ත නම් ඇයව නිර්මාණවලට සම්බන්ධ කරගන්නේ ඇයගේ දක්ෂතා දැකලා සහ චරිතයට සුදුසුම කෙනා ඇය නිසාලු. ඒත් ටීනාව දාලා නිර්මාණ මාර්කට් කරගන්න පුළුවන් නිසා වගේම ගොසිප් මවාගන්න පුළුවන් නිසා ඇයව නිර්මාණ වලට සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂවරුත් ඔය අතරේ ඉන්නවාලු.
සාමාන්‍යයෙන් ටීනා භාරගන්න හැම නිර්මාණයක්ම වගේ ජනප්‍රිය වෙනවාලු. ටීනා ටෙලිනාට්‍ය ෆීල්ඩ් එකට එනවා කියලා දැනගත්තම සමහර නිළියන් හොඳටම බයවෙලාත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර නිළියන් ටීනා එක්ක තරහයිලු. හැබැයි ඉතින් ඔය කා එක්කවත් ටීනා නම් තරහා නෑ කියලා තමයි කියන්නේ.
ටීනා ෆීල්ඩ් එකට එනකොට බය වෙච්ච අය කවුද කියන්න හරියටම දන්නේ නෑ. ඒත් ඒ අය එකම ක්ෂේත්‍රයක පිරිසක් කියලා තමයි ටීනාගෙ ප්‍රකාශයෙන් පේන්නේ.
කොයිතරම් විවේචන ආවත් ටීනාට ඒවා අදාලම නෑලු. කොහොම හරි අඩියක් ඉස්සරහට තියන්න තමයිලු ටීනා බලන්නේ.
ටීනා රඟපාන “සකූගේ කතාව” දැන් ලංකාවේ නම්බර් වන් ටෙලිනාට්‍යය කියලත් ටීනා කියනවා.