
මේ දවසවල ඕන තරම්, ඕන විදියකට teledrama බලන්න පුළුවන් වුනාට තමන්ට ඕනම artists ලා ඉන්න drama නම් බලන්න හම්බවෙන්නෙ නෑ. මොකද දැන් ඉස්සර හිටිය artists ලා දකින්නත් නැති තරම්. ඇත්තටම එ්කට හෙතුව මොකක් වෙන්න ඇතිද. එ්කට හේතුව දැනගන්න ඉස්සරවෙලා මෙන්න මේ ටිකත් කියවලාම බලන්නකො. පරණ artistsලා පේන්න නැති හේතුව ගැන නම් ඕෂධී කියන්නේ මෙන්න මෙහෙමයි.
ඕෂධී teledrama කරන්න ආපු මුල්ම දවස්වල අවුරුද්දට drama 18ක විතර රඟපෑවාලු. එ් කාලේ ගොඩක් අවස්ථා තිබුණත් දැන් එහෙම නෑලු. ඒ කාලෙ මාසේ දවස් තිහම වගේ වැඩ කරපු වෙලාවලුත් තිබුනාලු. එක එක ටෙලි වල කරේ විවිධ චරිතලු. එහෙම වුණාම රංගන හැකියාවත් පෝෂණය වණාලු. මිනිස්සුන්ට එයාලව තාමත් මතක තියෙන්නෙ ඒක නිසාලු.
අන්න එහෙමයි ඉතින් ඕෂධී ඒ ගැන කියන්නේ.
කොහොම උනත් පහුගිය කාලෙ පුරාම වගේ ඕෂධීගෙ නම කියවෙනකොට ඒකත් එක්කම දේශපාලනය කියන එකත් නිකම්ම වගේ එලියට පැන්නා. මොකද මෙයත් හරි හරියට දේශපාලනය ගැන දිගින් දිගටම කතාකරන්න පටන්ගත්ත නිසා. ඉතින් එයා political ගැන කතාකරන්න පටන්ගත්ත නිසා අපි එ් ගැන කතානොකර ඉමු. ඉතින් ඒක නිසා අපි කතාකරන්න ගිය කතාව පටන් ගමු. මෙන්න මේකයි සීන් එක.
ඕෂධී කලාව ගැන ගොඩක් දේවල් කතා කරන අතරතුරේ මෙන්න මෙහෙමත් කියලා තියෙනව. එයා කියන විදියට ඉස්සර කලාවෙ හිටියේ සෑහෙන උගත්කමක් තිබුණ අයලු. දැන්නම් ඉතින් teledrama වලට එන්නෙ O/L කරලා ඉවරවෙලා පාස් වෙන්න බැරිවුණ වගේ අයලු. ඕෂධීගෙ තාත්තාත් සරත්චන්ද්‍රගෙ Drama වල රඟපෑවාලු. එතකොට එයාගෙ තාත්තාටත් උපාධියක් තිබුණාලු. ඒ කාලෙ කලාව ගැන ගෞරවයක් තිබුනෙ උගත් පිරිසක් හිටිය නිසාලු. ඕෂධී මෙහෙම කියන එකෙන්ම හිතාගන්න පුලුවන් නේද මේ වෙනකොට ලංකාවේ කලාව ගිහිල්ලා තියෙන තැන කොහොමද කියලා.