
ටීනා කියන්නේ මේ දින වල ටිකක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසා ටීනා ගැන ගොඩක් අය හොයනවා වැඩියි. ඉතින් ඒ නිසාමද දන්නේ නැහැ ටීනාට වෙන්නෙත් කතා කරන්න වෙන දේවල්ම තමයි.
එක්තරා මාධ්‍යය ආයතනයක සම්මුඛ සාකච්ඡාවකට ටීනා පසුගිය දවසක සහභාගි වෙලා තිබුණා. ඉතින් මේ කතාවෙදී තමයි ටීනාට පොඩි අකරතැබ්බයක් වෙලා තියෙන්නේ. ටීනාගෙන් අහනවා රංඟනයට ආවට පස්සේ කලා ලෝකේ කාගෙන්වත් විවාහ යෝජනා ආවේ නැද්ද කියලා. ටීනා මේ ප්‍රශ්නයට උත්තර නොදී ටිකක් ඇඹරෙනවා. එහෙම ඉතින් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හැබැයි ඉතින් මම වැඩේට ගියාම වැඩේ විතරයි කරන්නේ වෙන දේවල් මට අදාළ නෑ කියලා තමයි කිව්වේ. අනිත් එක එහෙම අය ගැන කියන එකත් හරි නෑ නේද කියලා මෙහෙම ටිකක් අදිමදි කරලා ඇඹරි ඇඹරී උත්තර දෙන නිසා ටීනා වාඩි වෙලා ඉන්න උස පුටුවෙන් වැටෙන්න යනවා.
සමහර විට ටීනා කලබල වුනාද දන්නේ නැහැ ඊළගට කවුරු ගැන ප්‍රශ්නයක් අහවිද කියලා නේද. කොහොම වුනත් ඔන්න ඔහොම තමයි ටීනා පුටුවෙන් වැටෙන්න ගියේ. අනිත් අයටත් කියන්න තියෙන්නේ කලබල නොවී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා තමයි.