Daily News
Trending

ටීනා කාටවත්ම නොදී රකින මැණික.

Teena Shanell




Teena Shanell’s Top Secret Exclusive from Starfiends.lk

ටීනා ශනෙල් (Teena Shanell) කාටවත්ම නොදී රක්ෂා කරන මැණිකක් තියෙනවා. යන යන තැන අරගෙන යන මේ මැණික පරෙස්සම් කරන්න කියලා භාරදෙන්න පුළුවන් විශ්වාසවන්තයෙක් තවමත් ටීනාට මුණගැහිලා නැහැ.

මැණික තමයි ටීනාගේ හෑන්ඩ් බෑග් එක. මේකප් බොක්ස්, ටොෆි චොකලට්, කුරුසය, ජේසු පොත විතරක් නෙමෙයි හිටපු ගමන් සෙරෙප්පු සපත්තුත් දාගෙන යන හෑන්ඩ් බෑග් එක තමයි ටීනාගේ වටිනාම සම්පත. ඒක ඇතුළේ තමයි ගෙදර කී එක, ෆෝන් එක, පර්ස් එක ආදී හැමදේම තියෙන්නේ.

ටීනා ලොකු නිරූපිකාවක් වුණාට හෑන්ඩ් බෑග් ගනිද්දී බ්‍රෑන්ඩඩ් ඒවාම හොය හොයා ඉන්නේ නැහැලු. ගොඩක් බඩු දාන්න පුළුවන් නම් සහ ගොඩක් ඇඳුම්වලට යූස් කරන්න පුළුවන් කලර් එකක් නම් ටීනා ඒ බෑග් එක ගන්නවාලු.

ටීනාගේ හෑන්ඩ් බෑග් එක ඇතුළේ කොන්තය සහ ජේසු පොත අනිවාර්යෙන්ම තියෙනවා. බෝයි ෆ්‍රෙන්ඩ්ව හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න ලැබුණා නම් ටීනා හරිම කැමතියි කියලත් කියනවා.

ගෑනු ළමයෙක්ගේ හෑන්ඩ් බෑග් එක කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. නිරූපිකාවකගේ හෑන්ඩ් බෑග් එක කොහොමටත් පෞද්ගලිකයි. එහෙම වුණත් ටීනාට ආසයිලු කිම්ගේ හෑන්ඩ් බෑග් එකට එබිලා බලන්න.

ටීනා මේ දවස්වල හුඟක්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් විධියට. ඒ සකූගේ කතාව නිසා. ටීනා සිනමාවට සහ ටෙලි කලාවට පිවිසෙන්නේ ප්‍රියන්ත කොළඹගේගේ මගපෙන්වීමෙන්. ඇය ඒ ගැන නම් කොයිවෙලෙත් කියනවා. ටීනා තවම ආධුනික නිළියක්. ඇයගේ ඉදිරි ගමන කොයි වගේ වේවිද කියලා අපිට කියන්න අපහසුයි. ඇගේ පෙම්වතා දක්වන ප්‍රතිචාරද ඊට බලපානවා. දැනට නම් ඔහු ඇයට බලපෑම් කරන බවක් පේන්නේ නැහැ.

Teena Shanell’s Top Secret Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close