
නිරූපණයට අලුත් කෙනෙක් නොවුණත් තවම ටීනා රංඟනයට නම් අලුත්. මොකද ඇය පෙනී සිටි නිර්මාණ සංඛ්‍යාව අතේ ඇඟිලි ගාණටත් අඩුයි. කොහොම වුණත් ටීනාට මේ වන විටත් විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් තියෙනවා. ඇය අඳින පළඳින ආකාරයත් ඒකට හේතුවක්.
ටීනා විලාසිතාවලට වගේම කතා කරන්නත් බය නැහැ. කියන්න තියෙන දේ මූණටම කියන එක තමයි ටීනා විදිය. ටීනා සිනමාවට වගේම ටෙලි කලාවට ගේන්නෙත් ප්‍රියන්ත කොළඹගේ කියන අධ්‍යක්ෂවරයා. ඇයගේ රංඟන හැකියාව සම්බන්ධයෙන් කාට නැතත් ඇයට තියෙන්නේ පුදුමාකාර විශ්වාසයක්. තමන් ගැන අභිමානයක් වගේම ධනාත්මක හැඟීමක් ඇයට තියෙනවා.
ඇය කියන ආකාරයට මේ දිනවල විකාශය වන සකූගේ කතාව රේටින්ග්ස් වලින් නම්බර් වන් ඇවිල්ලා. ඒ වගේම ඇයගේ රංඟන කුසලතාව සම්බන්ධයෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන බවත් ඇය කියනවා.
රංඟනයට නර්තනයට වගේම නිරූපණයටත් ටීනා ගොඩක් දක්ෂ නිසා ෆීල්ඩ් එකේ සමහර නිළියන් ඇයට ඊර්ෂ්‍යා කරනවාලු. මේවාට කටින් උත්තර දෙන එක ටීනාගේ විදිය නෙමෙයිලු.
ටීනාට ඊර්ෂ්‍යා කරන හැමෝටම ටීනා උත්තර දෙන්නේ වැඩ වලින්.ඇයගේ ගමන වළක්වන්න කිසිම කෙනෙක්ට බැහැ.ඇය ඇගේ ගමන ඉදිරියටම යනවා. එහෙම තමයි ටීනා ඇයට ඊර්ෂ්‍යා කරන හැමෝටම උත්තර දෙන්නේ.