Daily News
Trending

ටීනාට පිරිමි තිත්ත වෙලාලු තියෙන්නේ…




ටීනා මේ ළඟදි දවසක හරි අමුතු කතා ටිකක් කියල තිබ්බා. මේදවස්වල පෙම්වතුන්ගෙන් කෙනෙක් හොයාගන්න බැරිවලු එයා දැන් ඉන්නේ. අරෙහෙන් මෙහෙන් හැම තැනින්ම ආදරේ ලැබෙනවලු. හරියට එක් කෙනෙක් හොයාගන්නත් බෑලු. එයාව විස්වාස කරන, අනුන්ගේ කේලම් අහන්නෙ නැති, ගැලපෙන, එකට ඉන්න පුලුවන්, විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනලු. ඔය කිව්වට ඒ විතරක් නෙමේ තවත් ලිස්ට් එකක්ම තියෙනවා. ඒ ලිස්ට් එකේ විදියට නං ඒව තවත් දිගින් දිගට යන කාරණා.

අනිත් එක තමයි විශ්වාසය කියන දේ හොඳටම ඇති වෙන්න ඕනෙලු. කොහේ හරි වැඩකට යද්දී කොහෙද ඉන්නෙ, කින්ද, මන්ද අහල වීඩියෝ කෝල් අරගෙන ඉන්න තැන පෙන්නන්න කිය කිය වැඩේට බාධා කරන කට්ටියගෙන් නම් වැඩක් ඇත්තේම නෑලු. මේ ෆීල්ඩ් එකෙත් ඒ වගේ ඕන තරම් දේවල් වෙලා තියෙනවලු. ලොකුවට සල්ලි වියදම් කරලා මඟුල් කාලා රටට පේන්න ගිහිල්ලා අන්තිමට මාස දෙක තුනෙන් ආයෙමත් වෙන් වෙනවලු. ඉතින් ටීනාට නම් අන්න එහෙම මිනිස්සු හිනස්සන්න ඕන නෑලු. ආදරේදි තියෙන්නම ඕන දේ විශ්වාසයලු. එක එක්කෙනා කියන දේවල් ඔළුවට දාගන්නෙ නැතුව සහයෝගයෙන් වැඩ කරගෙන ඉන්න පුලුවන්නම් ටීනත් ඉතින් ටිකක් හිතලා මතලා කල්පනාකරලා බලලා කැමති වෙනවලු. ඒත් ඉතින් දැම්මනම් මැරි කරන්න අදහසක් නෑලු. අනිත් එක තමයි එයාව මැරි කරනවා නම් මේ සුදුසුකම් ඔක්කොම තියෙන්නත් ඕනලු නැත්තං ඉතින් සමහරු කරන්නේ ෆීල්ඩ් එකෙනුත් අයින්කරගෙන ගෙදර තියාගන්න එකලු. අන්තිමට ඉතින් වෙන්නේ මුකුත් කරගන්න බැරුව ගෙදරටම වෙලා ඉන්නලු. ලංකාවේ සිද්ධ වෙලා තියෙන ගොඩක් live affairs වල සිද්ධ වෙලා තියෙන්නෙත් ඒකමලු. කොහොම වුණත් ටීනා හොඳම කතාව කිව්වේ අන්තිමට ඒක සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන් තව සමහරුන්ට නරක වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒකේ ඇත්තක් තියෙන්නත් පුළුවන් නැත්තං තියෙන්නත් පුළුවන්. ටීනා කියපු කතාව තමයි මේ දවස් වල නම් එහෙම love affair එකත් තියාගන්න තරම් පුළුවන් විදියට පිරිමි විශ්වාස කරන්නත් බෑලු. ඒ තරමට මේ වෙනකොට පිරිමි තිත්ත වෙලාලු තියෙන්නේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close