
Teena & Udari Exclusive from Starfriends.lk
ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට නිළියන් හිඟ කාලවකවානු ඕන තරම් තියෙනවා. හරියටම වාරකන් කාලය වගේ තමයි. ඉතින් ඒකනේ ලංකාවට ඉන්දියාවෙනුත් නිළියෝ ආනයනය කරපු කාලයක් තිබ්බේ. නිළියන් විතරක් නෙමෙයි ඉතින් නළුවොත් ඒ විදිහටම හිඟ කාලයක් තිබුණා. කාලාන්තරයකට ඉස්සර උදාරිට හීනයක් තිබුණා. බස් එකේ යන ගමන් බල බල ගියේ පාරේ ගහලා තියෙන කටවුට් දිහා. ඒවා බලලා හිතන්න පටන් ගත්තා අනේ මටත් මෙහෙම ඉන්න තියනව නම් කියලා. වැඩි කල් ගියේ නෑ. ඒ වගේම උදාරිට ලංකාවේ tea company එකක කටවුට්ස් වලට ඉන්න චාන්ස් එකක් ලැබුනා. කොහොමත් ෆීල්ඩ් එකට එනකොට උදාරි srilankan airline එකේ වැඩ කරන ගමන් තමයි හිටියේ. මෙහෙම කාලයක තමයි එහෙන් මෙහෙන් ටිකෙන් ටික කවුරු කවුරුත් දැනගෙන හිටිය උදාරී එකපාරටම දිලි දිලි නිවි නිවි ඉස්සරහට ආවේ.
ආයෙත් ඉතින් කතා දෙකක් නෑ ප්‍රවේගය ෆිල්ම් එක අකුණු ගැහුවා වගේ හතර අතේ ගියා. හේමාල් වගේම අනිත් hit වුණු කෙනා තමයි උදාරී. එතන ඉඳලා උදාරී කියන නම ඉතින් හිට්ම කැරැක්ටර් අතරේ ඉහළින්ම හිටියා. එයා එහෙම වෙනකොට අනිත් කෙනා තමයි ටීනා.ටීනා දැන් ලංකාවේ ඉන්න , මොඩ්ලින් පැත්තෙන් ගත්තොත් ඉහලම තැනක ඉන්නේ. ඒත් ඉතින් මොඩ්ලින් කියලා නිකන් හිටියේ නෑ. හිමි හිමීට සින්දුවල විෂුවල් වලටත් හිටියා. සමහර වෙලාවට පත්තරවල cover page පවා පිරිලා තිබ්බේ ටීනාගේ ෆොටෝස් වලින්. මේ දවස් වල නම් ඔන්න ටීනා අලුත්ම ෆිල්ම් එකක act කරනවා. ඒක තමයි හර්ෂ උඩකන්දගේ ගෝරි ෆිල්ම් එක.
කොහොමහරි ඔන්න මේ දෙන්නා මේ වගේ වැඩක් කරන්න යන ඉස්සෙල්ලාම වතාව තමයි මේ. මීට ඉස්සර වෙලා මේගොල්ලො නම් එහෙම වැඩක් කරන්න තියා හිතින් හිතලාවත් තිබ්බේ නෑ. ඔයාලා හිතන්නේ මේක ලොකු බිස්නස් එකක් කියලා නේද? ඔව් ඒකත් එක අතකින් ලොකු බිස්නස් එකක් තමයි. දෙන්නා බලාගෙන ඉන්නෙ ඔන්න ඉත්තො අදින්න. ඉත්තො..? ඒක නම් මහ ලොකු දේකුත් නෙවෙයිනේ. වැඩේට, උදාරියි, ටීනායි විතරක් නෙවෙයි තවත් කට්ටියක් පිටිපස්සෙන් ඉන්නවා. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු ,රොෂාන් රණවන, මේනකා මධුවන්ති වගේ සෙට් එකක්ම. මේක ඉතින් තනිකරම දෙන්නගේ ඉත්තො ගේම් එකක් .
මොකක්ද ඉතින් මේ ඉත්තො කියන්නේ. ඒක සියත ටීවී එකේ ජුලි පලවෙනිදා ඉඳන් telecast වෙන teledrama එකක්. බලන්නකෝ එහෙනම් ඉතින් ටීනයි, උදාරීයි එකතුවෙලා ගහන ගේම් එක මොන වගේද කියලා. කොහොම උනත් වුණත් මේක තමයි උදාරිගේ first ටෙලි ඩ්‍රාමා එක.
Teena & Udari Exclusive from Starfriends.lk