
ජිවිතේ අපි හැමෝටම හීනයක් තියෙනවා. සමහර වෙලාවට සමහර අයට හීන දෙක තුනක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ ගොඩ දෙනෙක් ආදරය කරන ටීනගේ ජිවිතේ තියෙන හීනේ ගැන.
මැරෙන්න කලින් සැබෑ කරගන්න හීනයක් තියෙනවද කියලා ඇහුවම ටීනා දෙන උත්තරේ තමයී ටීනගේම කියලා වාහනයකුයි ගෙයකුයි ගන්න එක තමයි ඈයට සැබෑ කරගන්න ඕන හීනේ කියලා සඳහන් කරලා තිබුණේ. ඒ වගේම මේ වෙලාවෙදී ටීනට මේ කලා ක්ෂේත්‍රයේ අලුත්ම ගමනක් යන්න උදව් කරපු කෙනෙක් ගැනත් ඇය සඳහන් කරලා තිබුණා. ඒ තමයි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොලඹගේ.
ටීනා කාලයක් මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වුනත් දැන් ඇය ඒවට සහභාගී වෙන ප්‍රමාණය අඩුයි. අපි මේ ගැන ඇහුවම ඇය කිව්වේ, ඇයගේ ගානට එනව නම් විතරයි මියුසික් වීඩියෝ වල රඟපාන්නේ නැත්නම් බාරගන්නේ නැහැ කියලා. මේ හේතුව නිසා ටීනා දැන් ටිකක් මියුසික් වීඩියෝ වලින් ඈත්වෙලාලු ඉන්නේ. සමහර විට ඉදිරියේදී අපිට ටීනව සිනමාවෙන්ම දැක ගන්න පුළුවන් වෙයි. මොකද ඉදිරියෙදී ඇයගේ තවත් සිනමා පටයක් තිරගත වෙන්න සුදානමක් තියෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ.