GossipsHollywood & Bollywood
Trending

ජෝන් ඒබ්‍රහම්ට මේ අවුරුද්ද විශේෂ වෙන්න හේතුව.




බොලිවුඩ් සිනමාවේ සිටින කඩවසම්ම නළුවන් අතර ජෝන් ඉන්නේ පෙරමුණේ. ඔහු සිනමා නිර්මාණවලට සහභාගී වෙන්නේ කිසියම් තෝරා බේරා ගැනීමක් එක්ක. ඒ නිසා ජෝන් ඒබ්‍රහම්ව නිතර නිතර දකින්න ලැබෙන්නෙත් නෑ.

කොහොම වුණත් 2018 අවුරුද්ද නම් ජෝන්ට හරි සාරයිලු. කොටින්ම ජෝන්ගේ අතමිට සරු කරපු වර්ෂයක්ලු. ඒකට හේතුව තමයි ජෝන් මේ වසරේ මේ දක්වා රංඟනයෙන් දායක වුණ චිත්‍රපට දෙකම අතිශය සාර්ථක ලෙස තිරගත වීම.

මේ අවුරුදේ මැයි මාසේ තිරගත වුණ ” පාරමාණු ද ස්ටෝරි ඔෆ් ද පෝක්රාන්” චිත්‍රපටය තමයි ජෝන් 2018 මුලින්ම කරපු නිර්මාණය. එම චිත්‍රපටය ඉන්දියාවේ දී පමණක් ඉන්දීය රුපියල් කෝටි 65ක ආදායමක් උපයා ගන්නවා.

මේ අවුරුද්දේ ජෝන් සහභාගී වූ දෙවැනි චිත්‍රපටය “සත්‍යමේවා ජායතී”. අගෝස්තු 13 තිරගත කෙරුණ මේ චිත්‍රපටය තවමත් හෝල් වල දුවනවා. මේ වන විටත් ඉන්දියාවේ පමණක් රුපියල් කෝටි 90ක් උපයන්න සත්‍යමේවා ජායතී සිනමාපටය සමත් වෙනවා.

අක්ශේ කුමාර්ගේ ගෝල්ඩ් චිත්‍රපටයත් මීට සමගාමීව තිරගත වුණත් ජෝන් ඒබ්‍රහම්ගේ නිර්මාණයට ඉන් කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මොකද ඒ සිනමා නිර්මාණ දෙකම ජනතාව හරියටම තේරුම් ගන්නවා.

ජෝන් ඒබ්‍රහම්ගේ අතමිට සරු කරපු වාසනාවන්ත අවුරුද්දක් කියලා අපි 2018 වර්ෂය හඳුන්වා දෙන්නේ සිනමා කර්මාන්තය තුළ ඔහු අත්පත් කරගත් මෙන්න මේ සාර්ථකත්වය නිසයි.

Tags
Show More
Close