GossipsHollywood & Bollywood
Trending

ජෝන් එක්ක දීපවාලී සැමරූ බලු සුරතලුන්.




ලොව පුරා හින්දු බැතිමතුන් පහුගිය දා දීපවාලී උත්සවය හරි ජයට සැමරුවා.

දීපවාලී උත්සවය ගොඩක්ම ලස්සනට සැමරෙන්නේ අසල්වැසි ඉන්දියාවේ. දින හතක් විතර ඔවුන් මේ වෙනුවෙන් විනෝද වෙනවා. එහේ ඉන්න සුපිරි නළු නිළියන් දීපවාලී සැමරුම් සහිත පින්තූර සමාජ ජාල මාධ්‍යයන්ට එකතු කරලා තියෙනවා දකින්න ලැබුණා.

ඉතින් ජෝන් ඒබ්‍රහම් කියන අපි කවුරුත් ආදරය කරන කඩවසම් නළුවාත් හැමෝම වගේ දීපවාලී සමරලා තිබුණා.

ජෝන් ඒබ්‍රහම් එක්ක මෙදාපාර දීපවාලි සමරන්න එයාගේ ආදරණීය බිරිඳ ප්‍රියා වගේම තවත් ආදර යුවලක් එකතු වෙලා තිබුණා. ඒ වෙන් කවුරුවත් නෙමෙයි, ජෝන්ගෙත් ප්‍රියාගෙත් බලු සුරතලුන් දෙදෙනා. ජෝන් වගේම ප්‍රියා ද බල්ලන්ට හුඟාක් ආසයි. ඉතින් මේ දෙන්නාට බලු සුරතලුන් දෙන්නෙක්ම ඉන්නවා. මේ හතරදෙනාම කළු පැහැති පුටු සෙටි එකක් උඩට වෙලා ගත්ත ඡායාරූපයක් තමයි ජෝන් හැපී දීවාලි කියලා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණේ. හරිම සරල සාමාන්‍ය විලාසිතාවකින් සැරසී සිටින ජෝන් වගේම ප්‍රියාත් ඔවුන්ගේ බලු සුරතලනුත් ඉතාම ප්‍රීතියෙන් දීපවාලී දිනය සැමරූ බව ඔවුන් පවසා තිබුණා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close