
ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් කියන්නෙ සුපිරි හොලිවුඩ් තරු දෙකක්නෙ. මේ දෙන්නා තමයි කාලයකට කලින් විවාහ වෙලා සිටියෙත්. ඒත් ඉතිං ඇන්ජලීනා – බ්‍රැඩ් පිට් කැදැල්ලටත් කණකොකා හැඬුවා. අන්තිමට මේ දෙන්නම දරුමල්ලෝ එක්කම වෙන් වෙන්න තීරණය කරනවා.
වෙන් වුණා කියලත් නෑ. දෙන්නා සැරින් සැරේම එක එක දේවල් වලට චෝදනා කරගත්තා. ඔන්න ආයෙත් ඇන්ජලීනා සහ බ්‍රැඩ් පිට් අතර ආරවුල් ඇවිලෙන්න පටන් අරගෙනලු.
මේ වතාවේ දෙන්නගේ විරසකයට හේතුව නඩත්තු නොගෙවීම පිළිබඳ ප්‍රශ්නයක්. ජොලී පවසන්නේ එයාගෙන් වෙන් වුණාට පස්සේ අද බ්‍රැඩ් පිට් එයාගේ දරුවන් ගැන සොයා බලන්නේ නැති බව සහ ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකරන බව.
මේ නිසා ඇන්ජලීනා බ්‍රැඩ් පිට් ගෙන් සාධාරණය ඉටු කරවා ගැනීමට ලොසැන්ජලීස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිං. දික්කසාද නඩුවේ දී දරුවන් වෙනුවෙන් යම් මුදලක් ලබා දීමට එකඟව තිබුණත් බ්‍රැඩ් ඒ එකඟතාව ඉටු නොකළ බව තමයි ජොලීගෙ චෝදනාව. ඒත් බ්‍රැඩ් පිට් නම් කියන්නෙ ජොලීගෙන් වෙන් වූ දා සිට මේ දක්වා ඇයට ඩොලර් මිලියන 1.3ක් ගෙවා තිබෙනවා කියලයි.
නඩුවෙදි මොකක් වේවිද කියලා බලාගෙන ඉන්න තමයි දැන් තියෙන්නේ. කොහොම වුණත් මේ දෙන්නම අති දක්ෂයෝ වගේම සුපිරිම නළු නිළි යුවලක්.