
ජුහී චවුලා කියන්නේ ලංකාවේ අපිට නම් ඉතින් අපේම කෙනෙක් වගේනේ. හින්දි සිනමාව ජනප්‍රියම කාලේ ජුහී තමයි අපිට හිටපු තාරකාවිය. ජුහීගේ නොබලපු ෆිල්ම් එකක් නැති තරම්. කම්මුල වල ගැහෙන ඒ හිනාවට අපි වශී වෙලා හිටියේ.
ඒත් අනේ ජුහී කියන කතාව බලන්නකෝ. අපි හින්දි සිනමාව මේ තරම් වැළඳගෙන හිටියට එයාලට අපි ගැන මෙලෝ වගක් නෑ. කොටින්ම ජුහී චවුලා ලංකාවේ චිත්‍රපටයක් ඇහැටවත් දැකලා නෑලු. අපිටත් හොඳ වැඩේ. අනුන්ගේ සිනමාවක් බදාගන්න යනවට.
ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ ජාත්‍යන්තරය හඹා ගිය සිනමාකරුවෝ අපේ සිනමාවේ ඉන්නවා. හඳගමලා, ප්‍රසන්න විතානගේලා, සංජීව පුෂ්පකුමාරලා ජාත්‍යන්තර සම්මානත් අරන් එනවා. ඒත් ජුහීලා අපේ රටේ සිනමා නිර්මාණයක් දැකලාවත් නැහැ.
දැවැන්ත බොලිවුඩ් සිනමාව ළඟ අපේ සිනමාව හූනු බිත්තරයක් වගේ. ඒක ඇත්ත. ඒ වුණාට අපේ රටේ නිර්මාණාත්මක ගුණයෙන් පොහොසත් සිනමා නිර්මාණ හැදෙනවා. ඒ ගැන අවිවාදයක් නැහැ. වැඩේ තියෙන්නේ අපේ සිනමාව, කර්මාන්තයක් ලෙස පොහොසත් නැහැ. ඒකයි මෙහෙම වෙන්න හේතුව.
ජුහී ලංකාවේ ෆිල්ම් එකක් දැකලා නෑ කියන එක අපිට අපේ සිනමාව සම්බන්ධයෙන් තව ගොඩාක් හිතන්න පොළඹවන කාරණයක්. අපි අපේ දේවල් පැත්තකට විසි කරලා විදේශීය දේවල් ළං කරගන්නවා. අන්තිමට ජුහීලා අපිට ලොකු වෙද්දී එයාලට අපි කුරුමිට්ටෝ වෙනවා.
ජුහී ලංකාවේ කිසිඳු සිනමා නිර්මාණයක් දැකලා නැහැ කියලා කියන්නෙත් ලංකාවේ සම්මාන උලෙළකට ඇවිත් ගියපු වෙලාවක.