Daily News
Trending

ජීවතුන් අතර සිටියදීම ශ්‍රියන්ත මෙන්ඩිස් ඉටිවෙලා.




ලංකාවට ඉටි රූ කලාව ඒ තරම් සමීප නැහැ. නමුත් ගම්පොළ අතුල හේරත් සහ ඔහුගේ පුත් මහිමි හේරත් ඉටි රූ කලාව ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කරනවා. ඔවුන් අතින් නිමැවුණ ඉටි රූ සංඛ්‍යාව තිහකට ආසන්නයි. ඒ අතර පණ්ඩිත් අමරදේව, ලයනල් රන්වල, මහාචාර්‍ය සුනිල් ආරියරත්න, කාලෝ ෆොන්සේකා, ආචාර්‍ය වික්ටර් රත්නායක වැනි අයගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රූ අන්තර්ගතයි.

Atma Lanka Wax Museum නමින් ඉටි රූ කෞතුකාගාරයක් බිහි වන්නේ මෙලෙස නිර්මාණය වන ඉටිරූ වෙනුවෙනි. එහි ආරම්භය සිදු වූයේ මහේන්ද්‍ර පෙරේරාගේ ඉටි රූපය නිර්මාණය වීමෙනි.

ඇට්මා ලංකා වැක්ස් මියුසියම් එකට එකතු වූ අලුත්ම ඉටි රුවෙහි හිමිකරුවා වූයේ ප්‍රවීණ රංඟ වේදී ශ්‍රියන්ත මෙන්ඩිස් ය. ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රුව විවෘත කිරීම පසුගිය දවසක සිදුවුණා.

” මගේම රූපය මාහා සමානව නිර්මාණය කරන්න අතුල හේරත් සහ මහිමි හේරත් ලබා දුන් සහයෝගය අති විශිෂ්ටයි. මේක විරල ගණයේ කලාවක්. ඒ කලාව ලංකාවෙ අපිට පුළුවන් බව පෙන්වන්න ලැබීම අගය කළ යුතුයි. මේ එකතුව සඳහා අගනුවර තැනක් ලබාගැනීමට අදාල යෝජනාව අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා. ලංකාවෙ වැක්ස් මියුසියම් එකක් නිර්මාණය කරන්න රජයෙන් හෝ සහය ලැබේ යැයි අපි සිතනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනම කෙනෙක්ට ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැකියි”

ශ්‍රියන්ත මෙන්ඩිස් තමා හා සමාන ඉටි රූපය අසල සිටිමින් සිදු කළේ එවන් ඉල්ලීමක්.

සැබවින්ම මේ හැකියාව අගය කරනවා සේම ඔවුන් ඉදිරියට රැගෙන යන කලාව වෙනුවෙන් අත හිත දිම ද කළ යුතු වෙනවා. මක්නිසාද යත් මෙවැනි ඉටි රූ කෞතුකාගාර පිහිටා තිබෙන්නේ අප වැනි රටවල නොව ලොව දියුණු රටවල නිසයි.

Tags
Show More
Close