Daily News
Trending

ජැකාගේ Birthday එකට ඩින්කාගෙන් රාජකීය පාටියක් – රුවන් පෙරේරා




රුවන් පෙරේරා කියලා කිව්වම සමහරුන්ටනම් හොඳට ඒ නම මතක ඇති.සමහරුන්ට එහෙම වුණාට තවත් අයට ඒ නම අමතක වෙන්නත් පුළුවන්. මොකද හැමෝටම එක වගේ මතකයක් නෑනේ. ඒත් ඉතින් හාර කෝටියෙ ඩින්කා කියලා කිව්ව ගමන් හැමෝටම එයාව නම් මතක් වෙන්න පුළුවන්. රුවන් පෙරේරාගේ නම කාට අමතක වෙලා තිබ්බත් ඩින්කව නම් කාටවත් එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑ. ඔයාලට මතක ඇති ජැක්සන් ඇන්තනීගේ දස්කොන් නාට්‍යයේ රඟපෑව රුවන් සුමති ටෙලි සම්මාන වගේම රයිගම් සම්මාන උළෙලේ දී නැගී එන හොඳම නළුවා සම්මානය දිනාගන්නත් සමත් වුණා. රුවන් නළුවෙක් විතරක් නෙවෙයි සහාය අධ්‍යක්ෂවරයෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. ඒ 2007 දී විතර ජැක්සන් ඇන්තනීගේ අබා ෆිල්ම් එකේදී. ඉතින් මේ කියන්න හදන්නේ රුවන්ගේ ටෙලියක් ගැනවත් ෆිල්ම් එකක් ගැනවත් නෙවෙයි. වෙනම විදියේ කතන්දරයක් ගැන. හැබැයි ඉතින් එක අතකින් බලනකොට රජකාලේ ෆිල්ම් එකක් වගේ වෙන්නත් පුළුවන්.

රුවන් පහුගිය දවසක තිබ්බ ජැක්සන්ගේ බර්ත්ඩේ එකට වෙනම විදියෙ සප්‍රයිස් එකක් දීලා තියෙනවා. ඒකනම් ජැක්සන්ට හිතාගන්නවත් බැරි birthday එකක් වෙන්න ඇති. ඒවා මේවා කියලා නෑ රුවන් කෙලින්ම ජැක්සන්ට දීලා තියෙන්නේ රාජකීය සංග්‍රහයක්. තනිකරම වෑංජන විතරක් තිස් දෙකක්. ඒවා හදලා තියෙන්නෙත් නිකන් නෙවෙයි රජකාලේ විදිහටම තමයි. නිකමට හිතන්නකෝ ඔයාලගේ බර්ත්ඩේ එකට එහෙම මේ වගේ එළවළු තිස් දෙකක් තියෙන රාජකීය පාටි එකක් හම්බුනොත් කොහොමට තියෙයිද කියලා. හතර වරං නේද? එහෙම හිතලා අපට හතර වරං නම් මේකට ෆේස් කරපු ජැකාට කොහොමද තියෙන්න ඇතිද? නේද?

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close