
ලංකාවේ ප්‍රේක්ශකයන්ට ජැක්සන් ඇන්තනි කියන්නෙ කවුද කියලනම් අලුතෙන් කියන්න ඕන නැහැ. ඒ තරමට ඔහු ප්‍රවීන දක්ෂ කලාතුරකින් හමුවෙන අසහාය රංගන ශිප්ලියෙක්.
පසුගියදා හොදම නලුවා ලෙස ඔහු සමිමානය හිමිකරගත්තෙ 16 වෙනි වරට. මේ සම්මානය ඔහුගේ සම්මාන එකතුවට එකතු වෙන්නෙ 51 වෙනි සම්මානය විදියට. 16 වෙනි වරට හිමි උන හොදම නලුවා සම්මානය ඔහුට හිමිවෙන්නේ ධර්මයුද්ධය සිනමා පටයට. ඉතින් මෙ සිනමා පටය නිසා ජැක්සන්ට ලැබුනු අවස්තා බොහෝමයයිලු.
දකුනු ඉන්දීය සිනමාපටයක් වෙන ලක්නව් චිත්‍රපටයට ජැක්සන්ට ආරාධනා ලැබුනෙත් දර්ම යුද්දයේ ඔහුගේ රංගන හැකියාවටලු. එ වගෙම් තමයි කාලයක් පුරාවට ජැක්සන්ගේ හිතේ තිබුන බලපොරොත්තුවකුත් ඉටුවෙන්න යන්නෙ මේ නිසාලු. එ තමයි ඉන්දියානු සමාගමකට චිත්‍රපට යෝජනාවක් ඉදිරිපත් කිරිමලු. ඒක ලංකාවේ චිත්‍රපට නිශ්පාදකයන්ට මෙන්ම රංගන ශිල්පින්ටත් හොදම අවස්තාවක් වෙවි.
ඉතින් ඉදිරියෙදි ලෝකෙටත් සුපිරි උන මෙ රංගන ශිල්පියගේ රංගනය දැකගන්න පුලුවන් අපට චිත්‍රපට කිහිපයකින්ම.”උදුම්බරා” කියන්නෙ ලගදිම තිරයට එන ඉන් එක සිනමාපටයක් වෙනවා.