
Anthony Family Exclusive from Starfriends.lk
මේ වසර ආරම්භයේ පටන්ම අපිට අහන්න ලැබුණේ විවාහ මංගල්‍ය උත්සව පිළිබඳ රස කතා. ඒ අතරින් ජැක්සන් ඇන්තනී මහතාගේ දරුවන් තිදෙනාගේ විවාහයත් මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතාගේ විවාහයත් සුවිශේෂී අවදානයක් දිනාගත්තා.
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පවුලට එකම දවසකදී බෑනා කෙනෙක් සහ ලේලිවරුන් දෙදෙනෙක් එකතු වුණා. මේ අලුත් ඥාති සනුහරේ එක්කාසු කරපු ලේලිලා දෙන්නයි බෑනායි මාධ්‍යයට අදහස් දක්වමින් ඒ හමුවීම ගැන කියලා තිබුණේ මේ ආකාරයට.
මාධවී ඇන්තනීගේ අත ගත්ත මිලාන්, ඒ කිව්වේ ඇන්තනී පවුලේ එකම බෑනා අතීතය ආවර්ජනය කරමින් සිහිපත් කරලා තිබුණේ මේ මුණගැසීම සිදුවුණේ චන්දීප ජයකොඩිගේ මාර්ගයෙන් කියලා. චන්දීප කියන්නේ එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ පුතා. ගුවන් සේවකයෙක් වන මිලාන්ට ඉස්සෙල්ලාම ජැක්සන් ඇන්තනීව මුණගැහුණාම කතා කරගන්න බැරිව ගියාලු. කොටින්ම ගොළු වුණාලු. ඒ තරම් පෞරුෂයක් ඉස්සරහා මොනවත් කියාගන්න බැරිවුණාලු. මේ වගේ පවුලකට එකතු වෙන්න ලැබීම මිලාන්ගේ වාසනාවක් කියලත් ඔහු කියනවා. ඒ වගේම මාධවීගේ සියලුම කලා කටයුතු වලට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඔහු කියනවා.
ඇමෙන්ඩා කියන්නේ අඛිල ධනුද්ධරගේ අතගත්ත මනාලිය. ඇය ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනියක්. “අප්පච්චි එක්ක ගොඩක් කතා කරලා නැහැ. ඒත් ඒ ආදරය මට දැනෙනවා” ජැක්සන් ඇන්තනී ගැන ඇය කිව්වේ ඒ ආකාරයට. කවදාවත්ම රංඟනයට එන්න අදහසකුත් නැති බව ඇමෙන්ඩා කල්තියාම ප්‍රකාශ කරනවා. ඇය කියා තිබුණ ආකාරයට නම් අඛිල සහ ඇයගේ හැඳුනුම්කම සෑහෙන පරණයි.
බුවනිකාව හොයාගන්නේ සජිත් අනුත්තර. ඒ වෙද්දී ඇය හිටියේ විදෙස්ගතවෙලා. සජිත් බුවනිකා එක්ක යාළුවො දම්මලා මැසේජ් කරලා තියෙනවා. හැබැයි පසුව ආරංචි වුණ ආකාරයට යාළුවෝ වගේ මැසේජ් කරලා තියෙන්නෙත් සජිත්මලු. ඉස්සෙල්ලාම බුවනිකා ජැක්සන් ඇන්තනී මහත්මයාට අඳුන්වලා දුන්න දවසේ එතුමන් මොනවත්ම විශේෂ දෙයක් කියලා නැහැ. හැබැයි පස්සෙ සජිත්ට කියලා තිබුණේ බුවනිකා හොඳ දැරිවියක් කියලා. බුවනිකාගේ නිශ්ශබ්දතාවයට ඔහු කැමතියි කියලා තමයි ඇය පසුව කියන්නේ.
බෑනායි ලේලිලා දෙන්නායි ඇන්තනී පවුලේ උදවියට හරිම කැමතියි. දරුමල්ලොත් එකතු වුණාම ඒ සතුට දෙගුණ තෙගුණ වේවි.
(පුවත්පත් සාකච්ඡාවක් ඇසුරෙන්)
Anthony Family Exclusive from Starfriends.lk