
“දඩක්” චිත්‍රපටයේ මංගල දර්ශනයත් සමඟ ජාන්වීගේ රිදී තිරයේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ඒත් මේ අවස්ථාව ජාන්වීගේ හිතට සතුටක් වගේම ලොකු දුකක් ඇති කළා. ඒ ජාන්වී මේ ගමන යනකල් ආසාවෙන් බලාගෙන හිටපු එයාගේ අම්මා දැන් එයා ළඟ නැති නිසා. ජාන්වීගේ සිනමා ආගමනය ඇස් දෙකෙන් දකින අවස්ථාව උදා වෙන්නෙ ශ්‍රීදේවීගේ මරණයෙන් පස්සේ. දඩක් මංඟල දර්ශනයෙදි ඇය සංවේදී වන බව කල් තියාම දැනගත්ත කපූර් පවුලෙ හැමෝම ඒ අවස්ථාවට සහභාගී වුණා. ඉතිං චිත්‍රපටය බැලුවට පස්සෙ බොනී කපූර්ගෙන් වගේම ජාන්වී ගේ සුළු සහෝදරයා වන අර්ජුන් කපූර්ගෙන් උණුසුම් හාද්දක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාවට බොලිවුඩ් තරු රැසක් සහභාගී වෙලා තියෙනවා කියලත් ආරංචියි. ඒ වගේම හැමෝම ජාන්වීගේ ඉදිරි ගමනට සුබපැතුම් එකතු කරලත් තියෙනවා.