
තරුණ සිනමාකරුවකු වන සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමා වෑයම වන දැවෙන විහඟුන් මෙරට තිරගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ වී ඇත. ඒ අනුව ජුනි 29 දින සිට දිවයින පුරා සිනමා ශාලාවල දැවෙන විහඟුන් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
සංජීව පුෂ්පකුමාරගේ පළමු සිනමා කෘතිය ඉගිලෙන මාළුවෝ වූ අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති විය. අවසානයේ එම චිත්‍රපටය ප්‍රදර්ශනයටද බාධා එල්ල විය.
මෙවර “දැවෙන විහඟුන්” නිර්මාණය කරන සංජීව, “අම්මා එක්ක එන්න” යන විවෘත ආරාධනය කරන්නේ තමන්ගේ නිර්මාණය පොදු රසිකයා ඉලක්ක කරන්නක් බවද සිහිගන්වමින් ය.
මෙම සිනමා පටයෙහි සිදු කළ රංගනය වෙනුවෙන් ප්‍රවීණ සිනමා නිළි අනෝමා ජනාදරී හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්භාවනාවට ද පාත්‍ර විය.
සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, දසුන් පතිරණ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් ඇතුළු රංඟන ශිල්පීන් සහ ශිල්පිනියන් රංඟනයෙන් දායක වන මෙහි නිෂ්පාදනය රේණුකා බාලසූරිය සහ සෝමරත්න දිසානායකගේ ය.
සංජීව පුෂ්පකුමාර “අම්මා” නමින් සිය තෙවැනි සිනමා නිර්මාණයටද මේ වනවිට ප්‍රවේශ වී අවසන් ය.