Daily News
Trending

ජාත්‍යන්තරේට ගිය වත්සලාගේ ඇඳුම් අල්මාරිය.




වත්සලා දියලගොඩගේ ඇඳුම් අල්මාරිය පසුගිය දවසක වැඩසටහනකදි ලයිව් පෙන්නුවානෙ. ඉතිං ඒක දැන් ජාත්‍යන්තරේට ගිගිං ඉවරයි. ඇත්තටම ඒ ඇඳුම් අල්මාරියෙ වැඩිහරියක් ඇඳුම් තිබුණෙ බිම. ජීවිතේට ඒකෙන් අවශ්ය ඇඳුමක් හොයාගන්නවා කියන්නෙ බොරුවක්. රෙදි නමනවා කියන එකක් ඇත්තෙම නැති ඇඳුම් අල්මාරියක් තමයි ඒක. වත්සලා ඒ ගැන කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්. අනේ ඔන්න ඉතිං හොඳට නවලා තියනවා. මොකක් හරි හොයන්න ගියාම සේරම බිම වැටෙනව. අවුල් වෙනවා. ආයෙ එහෙන් මෙහෙන් ඇදලා ඇඳගෙන යනවා. දවසක් සුදු ඇඳුමක් හොයාගන්න ගිහිං තමයි ඔය විදියට රෙදිටික බිම වැටුණෙ. පරක්කු වෙන නිසා මාත් එහෙමම තියලා යන්න ගියා. වත්සලාගෙ ඇඳුම් අල්මාරියෙ කතාව තමයි ඒ. හැබැයි මේ ඡායාරූපය එලියට ගියේ කොහොමද කියන එක නම් වත්සලාටත් ප්‍රශ්නයක්.

Tags
Show More
Close