Daily News
Trending

ජනිත් නමට වටිනාකමක් දුන්න හැටි.

Janith Wickramage




Janith Wickramage Charity works Exclusive from Starfiends.lk

ජනිත් කියන්නේ “ඉපදුණ” කියන අදහසට. ඒ කියන්නේ ජනනය වූ කියන අදහස. උපතක තියෙන වටිනාකම මොකක්ද? නීරෝගීව ගුණයහපත් කමින් ජීවත් වෙන එක. අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ රෝගීභාවයට සහනයක් වෙන්න, එහෙම නැත්නම් නීරෝගී භාවයට පත් කරන්න අපේ ජීවිතයේ අපි කරන උතුම්ම පුණ්‍යකර්මයක් ඒක. ජනිත් තමන්ගේ නමට අර්ථයක් ලබා දෙමින් කාලයක පටන් එහෙම පුණ්‍යකර්මයක් කරගෙන එනවා. ඒක ලේසි පහසු පින්කමකුත් නෙමෙයි. පාරමිතාවක්. බෝධිසත්වයන් ඇස් ඉස් මස් ලේ දන් දීලා පාරමිතා පුරපු බව ඔයාලා අහලා ඇතිනේ. ජනිත් කරන්නෙත් අන්න ඒ වගේ පාරමිතාවකට මාර්ගය විවරකරලා දෙන එක.

ජනිත් වික්‍රමගේ කියන මේ තරුණ කලාකරුවා තමන්ගේ ජන්ම දිනය ලේ දන් දීමේ කඳවුරක් එක්ක සමරන්න තීරණය කරගෙන ඉන්නවා. තව කෙනෙකුට ජීවිතයක් දෙන්න තමන්ගේ උපන්දිය නිමිත්තක් කරගැනීම කොයිතරම් ආදර්ශයක් ද? ජනිත් මේ සත් කාර්යය ගැන සඳහන් කරලා තිබුණේ මෙන්න මේ ආකාරයට,

Janu29 ලේ දන්දීමේ කදවුර 2019 ජනවාරි මස 26 සෙනසුරාදා උදෑසන 8.30 සිට දහවල් 1දක්වා මෙවරත් නාරහේන්පිට ලේ බැංකුවේ පැවත්වේ.

ඔබගේ වටිනා කාලය මේ සදහා වෙන්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලාසිටිමු

– ජනිත් වික්‍රමගේ –
Janu29 කණ්ඩායම

ජනිත් එක්ක ලේ දන් දීමේ කඳවුර පවත්වන්න කලාකරුවන් හිත මිතුරන් ඇතුළු කණ්ඩායමක් එකතුවෙලා ඉන්නවා. මේ වැඩේ ජාතික වශයෙන් වැදගත්කමක් ඇති වැඩක් කියලත් කිවයුතුමයි. ඒකට හේතුව මෙවැනි ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමේ අඩුවක් නිසා ලේ බැංකුවේ ලේ හිඟයක් පවතින බව පසුගිය දා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව ළඟම ඇති ලේ බැංකුවට ලේ ලබා දෙන්න කියලත් ඔවුන් ඉල්ලා සිටියා.

ඉතින් ජනිත් ඇතුළු කණ්ඩායම කරන්න යන මේ සත් කාර්යයට ඔයාලගේ සහය අත්‍යවශ්‍ය වෙනවා. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close