Daily News
ජනිත් දැන් අමුතු විදියක්..- ජනිත් වික්‍රමගේ –

ජනිත් වික්‍රමගේ කියලා කියන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම හැමෝටම ඉතින් අමතක වෙන්න විදියක් නම් නෑ. මොකද ජනිත්ව අමතක වෙන්න විදියක් නැත්තෙ ඒකට කරුණු කාරණා එකක් දෙකක් නෙවෙයි කීපයක්ම බලපාන හින්දා. මුල්ම එක ඉතිං එයා ජනප්‍රිය ය නළුවෙක් වෙච්ච එක. අනිත් එක ඉතින් එයාගෙ පවුලෙ අනිත් හැමෝම කලාවට සම්බන්ධ වෙච්ච එක. කලාවට සම්බන්ධ වුණා කිව්වේ නිකන් නෙමෙයි ඔක්කොම ඉතිං නළු නිළියො තමයි. ඒකත් ලේසි නෑ නේද?… බලාගෙන ගියාම Family එකේ ඔක්කොම Artist ලා. කොහොමහරි සමහරු පහුගිය දවස් වල කියන්න පටන් ගත්තා ජනිත්ව නම් ගොඩක් කාලෙකින් වැඩ වලදී දැක්කේ නෑ කියලා. ඒත් ඉතිං ඔන්න වැඩ වලින් කෙසේ වෙතත් පහුගිය දවසක තිබ්බ ඉවෙන්ට් එකකදිනමි කට්ටියටම ජනිත්ව දැකගන්න හම්බ වෙලා තියෙනවා. ඒත් ඉතින් එහෙම වුණාට කට්ටියටම දැක ගන්න හම්බ වෙලා තියෙන්නේ ඉස්සර හිටපු ජනිත්ව නම් නෙවෙයි. ඔටෝ මිරාජ් ලගෙ තිබ්බ ඉවෙන්ට් එකකට තමයි පහුගිය දවසක ජනිත් ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් වෙනමම ලුක් එකක්. හරියටම කියනව නං ජනිත් දැන් Tamil නළුවෙක් වගේ.
ඔන්න ඉතින් ඊට පස්සෙ ඉවන්ට් එකට ආපු ගියපු අය කතාවෙන්න පටන් ගත්තා ජනිත්ගේ වෙනසට මොකක්ද මේ හේතුව කියලා. එක එක අය එක එක කතා කියන්න පටන් ගත්තා. සමහරු කියන්න ගත්තා එයා රඟපෑමෙන් අයින් වෙලා වෙන්න ඇති ඒකයි ඔය පොයින්ට් එකක් එහෙම වවාගෙන ඉන්නේ කියලා. ඒත් ඉතිං ඔන්න ඔය අතරේ තවත් අලුත් කතාවකුත් පත්තු වුණා. ඒක තමයි ළඟදි දවසක රිලීස් වෙන්න තියෙනවාය කියන ෆිල්ම් එකක ජනිත් Act කරන character එකක් ගැන. එහෙම කියපු අය නම් කිව්වේ මේ ෆිල්ම් එකට ඕන විදිහට වෙන්න ඇති කියලා ජනිත් මේ වෙනස් වෙලා ඉන්නේ කියලා. ඔව් ඉතින් ඒකත් වෙන්න බැරි නෑ.ජනිත් මේ දවස් වල වැඩ කරන්නේ සුරංග ද අල්විස් ගේ Game ෆිල්ම් එකේ. සමහරවිට ඉතින් ඒකත් වෙන්න ඇති මේකට හේතුව. ජනිත්ගේ මේ අලුත් ලුක් එක ඒ ෆිල්ම් එකටමද කියලා හරියටම ඉතින් අපිට දැනගන්න හම්බ වෙන්නේ මෙන්න මේ ෆිල්ම් එක බැලුවට පස්සේ තමයි. අන්න ඒ හින්දා එ්කත් අපි බලාගෙන ඉමුකො මෙයාගෙ මේ වෙනස මොකක්ද කියලා….