Daily News
Trending

ජනිත් උදාරිත් එක්ක කොළඹ වටේ උඩින් ගිහින්.




ජනිත් වික්‍රමගේ සහ උදාරි පෙරේරා ගැන ඔයාලා දන්නවානේ. පහුගිය දවසක මේ දෙන්නා හෙලිකොප්ටර් එකක නැඟලා කොළඹ වටේ ගියා කියලා තැත තැන කසුකුසුවක් තිබුණා.

කතාව ඇත්ත කියලා තේරුම් ගියේ ඒ කතාවට අදාල ඡායාරූපත් එලියට ආවට පස්සේ.

මේ විදියට කොළඹ වටේ අහසින් ගියපු ගමනට ජනිත් සහ උදාරි එක්ක මේ දෙන්නාගේ ෆෑන්ස්ලා කීපදෙනෙකුත් එකතුවෙලා තියෙනවා.

ඉතින් පුංචි පිරිසක් වුණත් මේ හැමෝම පුදුමාකාර විනෝදයක් ලබපු බව නම් ඡායාරූපවලින් පේනවා.

ජනිත් සහ උදාරි අහසින් ගියපු කතාවේ ඇත්ත නැත්ත කියන්නයි අපි මේ හදන්නේ.

‘ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් හෙලිකොප්ටර් ජෝයි රයිඩ්’ එකත් එක්ක තමයි මේ අපූරු අවස්ථාව උදාවෙන්නේ. රත්මලාන ගුවන්තොටුපොළින් ගුවන්ගත වුණ මේ පිරිස කොළඹ වටේම පියාසර කරලා නැවතත් ගොඩ බහින්නේ හරිම අපූරු අත්දැකීමක් එක්ක සිනා මුසු මුහුණින්.

උඩින් ගියපු මේ කණ්ඩායමට ප්‍රණීත දිවා ආහාර වේලක් සූදානම් වෙන්නේ ගල්කිස්ස හෝටලයෙන් බවත් කියන්න ඕනේ. හැමෝම උඩින් ගියපු අත්දැකීම බෙදා හදාගන්න ගමන් එදා හරිම විනෝදයෙන් දිවා ආහාරය ලබා ගත්තා.

ඉතින්, ඔයාලා ආසම කරන තරුත් එක්ක මේ වගේ සුන්දර හෙලිකොප්ටර් සංචාරයක් නැවතත් වතාවක් ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් උදා කරලා දෙන්න අපි සූදානම්. එදාට මේ ගැන වැඩි විස්තර කතා කරන්නත් පුළුවන් වෙයි.

අහසින් යන්න කැමති හැමෝම දිගටම ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක ආයෙත් මේ වගේ ගමනකින් අපි ඔයාලව මුණ ගැහෙන බවත් මතක් කරනවා. එතකල් බලාපොරොත්තු අතහැර ගන්න එපා.

Tags
Show More
Close