
Chulakshi Ranathunga’s Boyfriend Exclusive from Starfriends.lk
දන්නවද ඔයාලා වැඩක්? දැනගන්න විදියක් නැහැනේ. ඉන්න, අපි මේ කියන්නයි හදන්නේ. ඔයාලා දන්නවාද චූලක්ෂි ගැන? (Chulakshi Ranathunga) ඒක නම් දන්නවානේ. චූලක්ෂි වෘත්තීය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම සිනමාවෙන් රංඟනයට පය තැබූ නිළියක්. චූලක්ෂි ගේ පළමු සිනමා නිර්මාණය මෙරට සාර්ථකව තිරගත වූ සිනමා නිර්මාණ අතරින් ඒකක් බවත් කියන්න ඔ්නේ. එහි ඇය ප්රධාන චරිතයක් නිරූපණය කරනවා. කුළුඳුල් සිනමා රංඟනය වුණත් ඒ බව සඟවා රංඟනයේ නිරත වෙන්න ඇය සමත් වුණා. දන්නවානේ, මේ කිව්වේ දේදුණු ආකාසේ ගැන.
ඒවා හැම දෙයක්ම ඔයාලා දැනටමත් දන්න දේවල්. 2014 වර්ෂයේ දී ලක් රූ රැජන කිරුළ දිනාගත්තේත් ඇය. ඒ තරගය වෙනුවෙන් චූලක්ෂි කොයිතරම් මහන්සි වුණා ද කියනවා නම් මාසයක් බත් නොකා හිටියා කියලත් ආරංචියි. ඒ විතරක් නෙමෙයි, චූලක්ෂි සමාජ සේවිකාවක ලෙසත් මිනිසුන් අතර ආදරය දිනාගෙන ඉන්නවා. හැමදේමත් හොඳින් සිදුවෙද්දි චූලක්ෂිගේ කසාදය විතරක් පස්සට යන්න විධියක් නැහැනේ. මේ ගැන එක වතාවක් ඇය කියලා තිබුණේ ගැලපෙන පුද්ගලයාව මුණගැසුනම ඒ තීරණය ගන්නවා කියලා. ඒත් ඉතිං මේ තරම් කාලයක් ඒ කෙනා මුණගැහුණේ නෑ කිව්වාමත් පුදුමයි. අනික ඇහැටකණට පේන රංඟන ශිල්පිනියකට තවමත් පෙම්වතෙක් නෑ කිව්වාම හිතාගන්නත් අමාරුයි.
හැබැයි පෙම්වතෙක් නැති එකට චූලක්ෂි කියන හේතුව ඇහුවාම නම් ඔයාලටත් ඒ කතාව විශ්වාස කරන්න හිතේවි. චූලක්ෂි කියන්නේ ඉස්කෝලේ කාලේ ශූර බාස්කට් බෝල් ක්රීඩිකාවක්. අනෙක් අතට ඇය හොස්ටල් එකක හැදුන කෙල්ලක්. මේ නිසා චූලක්ෂිට හොඳම හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එකට සෙල්ලම් කරද්දි, එකට ජීවත් වෙද්දි යාළුමිත්රකම් ගැඹුරට කිඳා බහිනවානේ. යාළුවෝ එක්ක සෙට් වුණාම තනිකම කාන්සිය වගේ හැඟීම් දැනෙන්නේ නැහැ. ඒක වෙනම ලෝකයක්. අර ඔයාලගේ වචනවලින් කියනවා නම් ඒක වෙනම ආතල් එකක්. මිතුරු ඇසුර තනිකම දුරලනවා. ජීවිතය සතුටින් පුරවනවා. එහෙම වුණාම කොල්ලෙක් නෑ කියලා අඩුවක් දැනෙන්නේ නැහැ. කොටින්ම කොල්ලෙක් එක්ක යාළුවෙන්න ඔ්නේ කියලා හිතෙන්නෙවත් නැහැ. ඒ තරම් දැඩි මිත්ර සමාගමකට චූලක්ෂි බැඳිලා ඉඳලා තියෙන්නේ. ඉතිං පාසල් වයසේදි වගේම තවමත් චූලක්ෂිට පෙම්වතෙක් නැහැ. ඒ වගේම ඇයට පෙම්වතෙක් නැහැ කියන අඩුව දැනිලත් නැහැ. යාළු මිත්රකම් ගැඹුරට මුල් ඇද්දාම ඔය කොයි ආදරයත් ඒ ආදරයට යටයි. අපිට කියන්න වෙන්නේ එච්චරයි.
Chulakshi Ranathunga’s Boyfriend Exclusive from Starfriends.lk