
චිත්‍රාල් සෝමපාලව හදිසියේ ප්‍රශ්න කරපු වෙලාවක ඒ නිවේදකයට මාර ප්‍රශ්නයක් ඇතිවෙනවා. චිත්‍රාල්ට වයස කීයද? ඇයි චිත්‍රාල්ගේ කොන්ඩේ ඉඳෙන්නේ නැත්තේ?
මේ ප්‍රශ්න දෙකට චිත්‍රාල්ගෙන් ලැබෙන පිළිතුර හරිම සරලයි. ඔහු කවදාවත් වයස හංගපු කෙනෙක් නෙමෙයි. ඔහුගේ වයස වගේම ගොඩක් විස්තර විකිපීඩියා ගිහිං හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ චිත්‍රාල් ඉපදෙන්නේ 1966 වර්ෂයෙදී. ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 52ක්.
අනෙක් ප්රශ්නය නම් අහන්නම වටින එකක්. දිගම දිග කලුම කලුපාට කොන්ඩයක් තියෙන චිත්‍රාල්ගේ කොන්ඩේ එහෙම තියෙන්න හේතු වුණ රහස මොකක්ද? හරි නම් මේ වෙද්දී අතරින් පතර සුදු පාට වෙලා තියෙන්න එපැයි.
එහෙම ඉදිච්ච ගහක් දෙකක් නැතිව නෙමෙයි. ඒත් චිත්‍රාල්ගේ කොන්ඩේ ඉදෙන්නේ නැත්තේ ඔහු නිතරම ධනාත්මක සිතුවිලි එක්ක ජීවත්වෙන නිසාලු.
මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වෘත්තීය සංගීතඥයකු ලෙස ඔහුගේ පළපුරුද්ද වසර තිහක් විතර. ඔහු ඔහුගේ ගමන නිදහසේ යනවා. කාටවත් කරදයක් නැතිව තමන්ගෙම ස්ටයිල් එකට ඔහු ඒ ගමන යනවා. මේ නිසා චිත්‍රාල්ගේ ඔළුවට පීඩනයක් නැහැ. ඔහු ජීවත් වෙන්නේ සැහැල්ලුවෙන්. ඒකයි අදත් චිත්‍රාල් අතිශය තරුණ්‍යයේ පසුවන්නේ.
කෙස් ඉදෙන එක නෙමෙයි අපි කරන වැඩයි වඩා වැදගත්. චිත්‍රාල් එහෙමත් කියනවා.
මේ කඩප්පුලි ප්‍රශ්න චිත්‍රාල්ට යොමු කරන්නේ අශේන් කියන දඟකාර නිවේදකයා බවත් කියන්න ඕනෙ.